පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද උදෑසන 8.00ට අවසන් කර තිබේ.
එම වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කළේ, රෝගීන්ට සිදුවන අපහසුතා පිළිබඳව සැලකිලිමත් වෙමින් සංගම් පහෙන් සංගම් හතරක් වර්ජනය අවසන් කිරීමට එකඟ වූ බවය.
එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, උසස්වීම් ප්‍රමාදය, වැටුප් විෂමතා, සහ සෞඛ්‍ය ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ආරම්භ කළ බවය. කෙසේවෙතත්, වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් වර්ජනය දිගටම පවත්වාගෙන යන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ඇතැම් සංගම් වර්ජනය නතර කිරීමට එකඟ වුවත්, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රමාදකාරීත්වය පිළිබඳ විරෝධය පළ කරමින් තවත් වෘත්තීයවේදීන්ගේ කණ්ඩායම් වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත.