Colombo Today Local News

කුලියාපිටියෙනුත් බෝම්බ පාර්සලයක් හමුවෙයි

කුලියාපිටිය – හෙට්ටිපොළ මාර්ගයේ ඇපලදෙණිය පන්සල හංදියේ තිබී අත්බෝම්බ 03ක් සහිත පාර්සලයක් හමු වී තිබේ.

වත්තක අයිනේ කාණුවක අයිස් ඇසුරුම් පෙට්ටියක තිබිය දී එය මාර්ගයේ ගමන් ගත් පාපැදිකරුවෙකු දැක පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලබාදුන් ඇමතුමක් අනුව සොයාගත් බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කර මහේස්ත්‍රාත්වරයාගේ උපදෙස් අනුව පොලිස් විශේෂ කාර්යබලකාය කැඳවා‍ බෝම්බ නිෂ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

කුලියාපිටිය පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Related posts

වියළි මිදි හිස් ඇසුරුම් තුළන් කෝටි 1 1/2ක වියළි කහ මතුවෙයි

colombotoday

කෘෂි රසායන සමාගමක් රජරට වකුගඩු රෝගීන් රවටා හොර කිරිපිටි විකුණයි.

colombotoday

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලිම්වලදී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 429ක් අත්අඩංගුවේ

colombotoday

හිටපු අමාත්‍යවරයෙක් හදිසියේ මියයයි

Admin

රුපියල් ලක්ෂ 48ක බිල නොගෙවූ මහනුවර පිළිකා රෝහලේ ලයිට් කපලා – ප්‍රතිකාර නවතී

Admin

දරුවන්ට අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණයක්

Admin