Colombo Today Local NewsTop Stories

අනුරගේ සහන මල්ලට මැ.කො. ෂොට් එක දෙයි!

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව මෙකී පැකේජය පළාත් පාලන ජන්ද විමසීමෙන් පසුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිත හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී තිබෙන බව වැඩිදුරටත් වාර්තා විය.

මෙවර අයවැය යෝජනාවකට අනුව රුපියල් 5,000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රුපියල් 2,500ක සහන මිලකට වශයෙන් ලබබාදීමට තීරණය කොට තිබූ මෙම පැකේජය අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් 812,753ක් අතරින් යෝග්‍ය ප්‍රතිලාභීන් සඳහා ලබාදීමට නියමිතව තිබිණි.

මෙම සහන පැකේජය සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වූ අතර, අප්‍රේල් 01 වැනිදා සිට 13 වැනිදා දක්වා ලංකා සතොස සහ කෝප් අලෙවිසැල් හරහා බෙදාහැරීමට සැලසුම් කර තිබිණ.

Related posts

යළි හරවන්න බැරි ලෙස බටහිර අධිරාජ්‍යවාදය, ඉන්දියානු ව්‍යාප්ත වාදය රටතුළ දිගේලි වන ආකාරය – විමල් කියයි

colombotoday

මධුෂ්ගේ ඔත්තුවෙන් හෙරොයින් කිලෝ 10ක් කොටිකාවත්තෙන් සොයා ගනී

colombotoday

නුගේගොඩ ගණිකාවියො තිදෙනකු අත්අඩංගුවට

Admin

පොල් අර්බුදයට කදිම විඳුමක් ජංගම රථ මගින් පොල් බෙදීමට ‍රජය සූදානම්

Admin

රවීන්ද්‍ර යසස් රිය අනතුරක

colombotoday

COVID-19 කුවේට් දේශයත් සලිත කරයි… වයිරසය ආසාදිතයන් තිදෙනෙක් හමුවෙයි !

colombotoday