Colombo Today Local NewsTop Stories

රනිල්ගේ නිවස ගිනිතියන්න ගිය නියෝජ්‍ය ඇමතිට බඩු බනිස්

2022 ජූලි 09 වන දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට එල්ල වූ ප්‍රහාරයේ සහ ගින්න නිවා දැමීමට පැමිණි ගිනි නිවන හමුදාවට බාධා කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර නම් කොට තිබෙන බවට අද ඩිජිටල් මාධ්‍ය කිහිපයක් විසින්ම වාර්තා කොට තිබිණි.

එහෙත් එම නඩුව ඊයේ (26) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත්ව නොසිටි බවද වාර්තා විය.

තම සේවාදායකයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඔහුට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවට ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

එසේම, තවත් සැකකරුවන් කිහිප දෙනෙකුගේ නීතිඥවරුන් විසින්ද, තම සේවාදායකයින් අධිකරණයට නොපැමිණෙන බවට අධිකරණයට දැනුම් දී තිබෙන අතර, මහේස්ත්‍රාත්වරයා විසින් අදාල නඩුවෙහි විත්තිකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කොට තිබෙන බවද වාර්තා වෙයි.

එහෙත් එම වරෙන්තුකරුවන් අතර නියෝජ්‍ය අමාත්‍යවරයා නොමැති අතර ඊළඟ නඩු විභාගයේදී ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කොට තිබෙන බව පුවත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කොට සිටී.

Related posts

කෝටි 4161ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක්.. නොමිළේ කියූ ඉන්දීය ගිලන්රථ සේවයටත් කෝටි 11ක් ඉල්ලයි

colombotoday

ජනපති ගෙදර යයි.. දුමින්ද අතුරුදන්.. ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩු හැදිල්ල හබක් !!

colombotoday

මට්ටක්කුලියේ “නින්ජා” හෙරොයින් ගේද්දී මාට්ටූ

Admin

කොටි සැකකරුවන් නිදහස් කිරීමට නව ආණ්ඩුවේ සූදානම ගැන මංගලගෙන් පැසසුම්…

colombotoday

මහින්ද අගමැති ලෙස දිවුරුම්දීම 09 වන ඉරිදා

colombotoday

ලාෆ් ගෑස් නැවක් හෙට ළගාවෙයි

colombotoday