Colombo Today Local News

මාවිල්ආරු සටනේ යුධ වීරයා මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චිට ඇප.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ(7) දිනයේදී යුධ හමුදා මේජර් ජනරාල්වරයකු වන නන්දසිරි මල්ලවආරච්චි විසින් කරන ලද ඇප ඉල්ලීමක් සළකා බලන ලදි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විවිධ අවස්ථාවන්හි මේජර් ජනරාල්වරයා අත්අත්අඩංගුවට ගැනීමට කරන ලද ප්‍රයත්නයන් හමුවේ මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කොට තිබූ අතර නීතිපතිවරයා විසින් මෙහිදී කරුනු දැක්වීමක් සිදුකරන ලදි. එහිදී, හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ක්‍රීඩා අමාත්‍යවරයා වෂයෙන් කටයුතු කරන ලද අවදියේදී මේජර් ජනරාල්වරයා එකී අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිදුවූ සිදු වීමක් සම්බන්ධයෙන් ඔහු කොටුව මහේස්ත්‍රාත් අදිකරණයේ නඩුවක සැකකාරයෙකු ලෙස නම් කර ඇති බව අධිකරණයට දන්වන ලදි.

කෙසේ වෙතත් මේජර් ජනරාල් නන්දසිරි මල්ලවාරච්චි වෙනුවෙන් නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර සිටියේ මෙම නඩුවෙ සැකකරුවෙකු ලෙස මේ අවස්ථාවේ නම් කිරීමට කටයුතු කරනු ලැබූ තම සේවාදායකයා මීට පෙර මෙම කරුණ සම්බන්ධයෙන්ම අල්ලස් හා දූෂණ විමර්ශන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවූ විශේෂ මහාධිකරණ නඩුවේ පැමිනිල්ලේ සාක්ශිකරුවකු ලෙස නම් කොට සාක්ෂි විමසීමකටද ලක් කොට ඇති බවත්, මේ වන විට වයස 74ක් වන මේජර් ජනරාල්වරයා විවිධ ලෙඩ රෝග හා මානසික ව්‍යාධි තත්තවයන්ට ප්‍රතිකාර ලබා ගන්න බවත්ය.

ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරිය මේජර් ජනරාල්වරයා රුපියල් ලක්ශ පනහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කරන ලද අතර මේජර් ජනරාල්වරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නියෝග කරන ලදි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අවසන් ඊලාම් සටනේ මාවිල්ආරු සටන දියත් කිරීමට මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි විසින් යුධ හමුධාවට අණ දෙන ලද අතර හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා බෝම්බ ප්‍රහාරයට ලක්වූ අවස්ථාවේ ඔහුගේ කාර්‍යබාරයන් පිලිබදව වගකීමද දැරූහ.

මේජර් ජනරාල් නන්දසිරි මල්ලවආරච්චි වෙනුවෙන් නීතිඥ සංජය මාරඹේ, ගීත් කරුණාරත්න සමහ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියහ.

Related posts

පාසල් සිසුවෙක් දුම්රියක ගැටෙයි

Admin

BBC සංදේශයට එරෙහිව දිලිත් ජයවීර ගොනු කළ අපහාස වන්දි නඩුව නිෂ්ප්‍රභයි.

colombotoday

හිටපු ජනපති අදත් වංචා විමර්ෂණ කොමිසමට

colombotoday

ඇමති විජේදාසගෙන් දැඩි වාග් ප්‍රහාරයක්.. බොරු චෝදනා කරන්න ආ UN ලොක්කා නැගිට යයි

colombotoday

කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයන් 14 දෙනා මෙන්න. සුප්‍රසිද්ධ හාජ්ජියාර් එබ්‍රහිමුත් ඒ අතර

colombotoday

ජනපති මැදුරේ විශේෂ සාකච්ඡාවක්.. ජනපති විල්පත්තුව ගැන දැඩි තීන්දුවක් ගනී !

colombotoday