Colombo Today Local News

ඥානසාර හිමි යළි සිර ගත කරයි

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස නවයක ලිහිල් සිර දඬුවමක් නියම කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඬුවම නියම කරන ලද්දේ ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවකට උන්වහන්සේ වරදකරු කරමිනි.

මීට අමතරව රුපියල් 1500ක දඩ මුදලක්ද නියම කර තිබේ.

2016 වසරේ ජූලි මස 16 වැනිදා කිරුළුපන ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඉස්ලාම් දහමට අපහාස කරන ලද බවත් එමගින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන්නේ යයි චෝදනා කරමින් පොලිසිය විසින් මෙම නඩුව ගොනුකර තිබින.

Related posts

ගල් ප්‍රහාරයකින් පොල්පිතිගම පුද්ගලෙයෙක් මරුට

colombotoday

යන යකා කොරහත් බිඳගෙනම යයි… ආණ්ඩුවේ තවත් පාපකර්මයක් හෙලිවෙයි…

colombotoday

නව වසර පරිවර්තනීය වසරක් බවට පත් කිරීමට එක්වන්නැයි ජනපතිගෙන් ආරාධනා..

colombotoday

පසුගිය වසරේ මැයි 09 සිද්ධීන් අනුස්මරණය කරන විරෝධතාකරුවන් පිරිසකට වාරණ නියෝගයක්

Admin

අජාන් බ්‍රහ්මවංස හිමියන්ගෙන් ඇමති නිමල් සමාව අයදියි

Admin

මහින්දගේ ආරක්ෂාව 2/3ක් කපලා

Admin