අවුරුදු නිවාඩුව සදහා ගම්බිම් බලා ගිය ජනතාව නැවත කොළඹට පැමිණීම හේතුවෙන් මහනුවර, මාතර, ගාල්ල, කුරුණෑගල ඇතුළු දිවයිනේ නගර රැසක බස් නැවතුම්පොළවල්වල ඊයේ දිනයේ දිගු පෝලිම් දක්නට ලැබිණි.
ප්‍රමාණවත් තරම් බස්රථ යොදවා ඇතිබව ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවත් ඇතැම් පිරිස් චෝදනා කළේ ප්‍රමාණවත් තරම් බස්රථ යොදා නොතිබූ බැවින් මෙලෙස දැඩි තදබදයක් ඇතිවූ බවයි.