කිසිම හේතුවක් මත සහල් ආනයනය නොකරන බවට ජනාධිපති අනුර දිසානායක මහතා මැතිවරණයට පෙර පැවසුවද නමුත් රටේ ඇතිවූ තත්ත්වයන් මත සහල් ආනයනය කිරීමට සිදුවූ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා සඳහන් කරයි.
කාලානුරූපීව ඇති වූ ගැටළු මත ආණ්ඩුව නම්‍යශීලි වී ජනතාව රැක ගැනීමට ප්‍රමුඛත්වය ලබා දී සහල් අයනය කිරීමට කටයුතු කළ බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් මෙම තත්ත්වය වැඩි දවසක් නොතිබෙණු ඇති බවත් ඉතාම කෙටි කලකින් විසඳා දෙන බවත් හෙතෙම කියා සිටියේය.
පාරිභෝගිකයන්ද වෙළදුන්ද සහල් මෝල් හිමියන්ද පීඩාවට පත් නොවන ආකාරයෙන් මෙම ගැටළු විසඳීමට රජය මැදිහත් වන බවත් ඒ මහතා තවදුරටත් පැවසුවේය.