Colombo Today Local News

එට්කා අත්සන් කරපු ගමන් ඉන්දියාවේ රස්සා නැති දොස්තරලා ලක්ෂ5ක් මෙරටට?

මෝදි අගමැති එක්ක ආණ්ඩුව එට්කා ගිවිසුම නැවත අත්සන් කරන්න සූදානම් වන්නේ නම් එය ඉතාම භයානක බව ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙසේ පැවසුවේය.

“රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව එක්ක අපි දිගින් දිගටම හැප්පුනේ ඉන්දියාව සමග කරන දේශපාලන ගණුදෙනුවල තිබුණු රටට අහිතකර ප්‍රතිවිපාක කලින් අපි දැක්ක නිසා.

ජාතික ජන බලවේග ආණ්ඩුව පවා තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළ ඇතුලේ රනිල්ගේ මේ දේශපාලන ප්‍රතිපත්ති තදින් විවේචනය කළා. මෝදි අගමැති එක්ක ආණ්ඩුව සූදානම් වෙනවනම් එට්කා ගිවිසුම නැවත අත්සන් කරන්න අපි කියනවා ඒක ඉතාම භයානකයි.

එට්කා ගිවිසුම යෝජනා කරනවා භාණ්ඩ වෙළෙඳාම ලිහිල් කරන්න. සේවා වෙළෙඳාම ලිහිල් කරන්න.

අපි දන්නවා සේවා වෙළෙඳාම සම්බන්ධයෙන් දැනට පවතින නීති එක්ක ලංකාවට විදෙස් ශ්‍රමිකයන්ට ඕන ඕන විදිහට ඇවිත් රැකියා කරන්න පුළුවන් කමක් නෑ. දැන් ඉන්දියාව කියන්නෙ මෙන්න මේ නීති ලිහිල් කරන්න කියලා.

අදටත් ඉන්දියාවෙ වෛද්‍යවරු ලක්ෂ 5ක් ඉන්නවා රස්සා නැතුව. එට්කා ගිවිසුම අත්සන් කරපු සැනින් මේ සියලු දෙනාට පුළුවන්කම ලැබෙනවා ලංකාවට ඇවිත් රැකියා කරන්න.

අපිට ඉන්දියානු කම්කරුවා එක්ක ප්‍රශ්නයක් නෑ දුප්පත් ජනතාව එක්ක ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් කියන්නෙ දශක ගණනාවක් අරගල කරල දිනාගනිපු අයිතිවාසිකම්. වෙන රටකට ඒ අයිතිවාසිකම් පාවාදෙන්න පුළුවන් කමක් නෑ.”

Related posts

හම්බන්තොට දියුණු කරන විදිය රනිල් කියයි

Admin

කොරෝනා අවදානම නොතකා ඡන්දය දැමීමට පැමිණි සියලුදෙනාට ස්තුතියි- මහින්ද දේශප්‍රිය

colombotoday

වැල්ලවත්තේ මහල් නිවාස සංකීරණයකින් වැටී පුද්ගලයෙකු මරුට

colombotoday

චැනල් ෆෝ නාලිකාව විකාශය කළ ආන්දෝලනාත්මක වීඩියෝව ඉවත් කර නැහැ

Admin

මහබැංකු අවුලෙන් ආණ්ඩුව දෙදරයි ! ජනපති – අගමැති හබය දුරදිග යන ලකුණු

colombotoday

සංහිදියාවට බාධා කරන කුරණයේ ඉගැන්වීම් ගැන බොදුබලේ උලමාගෙන් ප්‍රශ්න කරයි

colombotoday