Colombo Today Local News

සිපෙට්කෝ සභාපතිට ලියුමක් කියවගන්න තේරෙන්නේ නෑ

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා එම විෂය ගැන කිසිදු අවබෝධයක් නැති මොළයක් නැති කිසිසේත් එම තනතුරට නුසුදුසු පුද්ගලයකු බව හිටපු බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ඔහු මුතුරාජවෙල පර්යන්තයේ සිටි කළමනාකරුවෙකු බවත් රාජකාරි ලිපියක් කියවාගත නොහැකි මොහුට ලැබුණේ නියම දේශපාලන පත්වීමක් බවත් හිටපු ඇමැතිවරයා සඳහන් කරයි.

ආණ්ඩුව ඛනිජ තෙල් මිල අඩු කළහොත් සමාගම්වලට වන්දි ගෙවිය යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යක් බවත් ඊට එරෙහිව හැකිනම් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස නැතහොත් අධිකරණයේ නඩුවක් පවරන ලෙස අභියෝග කරන බවත් කාංචන විජේසේකර ප්‍රකාශ කරයි.

ආණ්ඩුවේ ප්‍රධානීන් පොරොන්දු වූ පරිදි විදුලි බිල 1/3න් අඩු කළ හැක්කේ රාජ්‍ය ආදායමට එම අඩු වන බදු ආදායම ලබාගැනීම සඳහා විකල්ප මාර්ග සැකසීමෙන් පමණක් බව ද ඔහු පෙන්වා දෙයි.

හිටපු ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමිනි.

Related posts

ගව ඝාතනය හිංසාවක් නෙවෙයි.. අලියෙක් පෙරහැරේ ගෙනයෑම තමයි හිංසාව, ආණ්ඩුව සංස්කෘතියටත් පහර දෙනවා

colombotoday

සමගි ජන බලවේගයේ, කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතු පුද්ගලයෙකු යටකර පළා යයි

colombotoday

“ෆේස්බුක් වැඩවලට නඩු බෑ“

colombotoday

මන්ත්‍රීන්ට දීපු සහනේ ඉල්ලා වැලිකඩ කැලඹෙයි | සිරකරුවන්ට මෙල්ල කරන්න කැරලි මර්දෙනෙත් එයි

colombotoday

සල්ලි කොල්ලකන අපරාධ කල්ලියක් ගැන මහ බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

colombotoday

රවීට කලින් සජිත් ඉල්ලා අස් වෙයි ?

colombotoday