පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් නැවත වතාවක් යාපනය ශික්ෂණ රෝහලට පැමිණ රෝහල් කටයුතුවලට බාධා කරන්නේ නම් ඔහු අල්ලා යපනය පොලීසියට බාර දෙන බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පවසයි.
රෝහල් අධ්‍යක්ෂකවරයා මේ බව පවසා සිටයේ පසුගියදා යාපනය ශික්ෂණ රෝහලේ ඇති වූ සිදුවීම පිළිබඳ යාපනය පොලීසියේ පැමිණිල්ලක් ගොනු කිරීම සමබන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
කිසිදු දැනුම් දීමක් සිදු නොකට අදාල මන්ත්‍රීවරයා රෝහලට පැමිණ රෝහල් කාර්යමණ්ඩලයේ රාජකාරිවලට බාධා කොට තමන් මුණගැසීමට අනවසරයෙන් උත්සහ දරා ඇති බවත් රෝහල් අධ්‍යකෂවරයා සඳහන් කරයි.
ඒ අවස්ථාවේදී අධ්‍යක්ෂවරයා මුණ ගැසීමෙන් අනතුරුව අර්ජුන රාමනාදන් තමන්ට ‘සර්’ යැයි අමතන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයාට නියෝග කොට තිබේ. අධ්‍යක්ෂවරයා එය ප්‍රතික්ෂේප කොට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් යන්නෙන් ආමන්ත්‍රණය කිරීමට හැකි බව පැවසීමෙන් පසු ඔහුට බැණ වදිමින් පර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කරන බවටත් රෝහල් අධ්‍යක්ෂක ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවටත් තර්ජනය කොට ඇත.
මේ හේතුව නිසවෙන් නැවත ඒවැනි කටයුත්තක් හෝ රෝහලේ රාජකාරි කටයූතුවලට අදාළ මන්ත්‍රීවරයා විසින් බාධා කරන්නේ නම් රෝහලේ ආරක්ෂක නිලධරීන් මාර්ගයෙන් මන්ත්‍රීවරයා යාපනය පොලීසියට භාරදීමට පියවර ගන්නා බව රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.