අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ආනයනික සහල් සඳහා අය කරන බද්ද අඩු කිරීමට හෝ සහල් මිල වැඩි කිරීමට කළ ඉල්ලීමක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සහල් ආනයන අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය අතර වෙළෙඳ අමාත්‍යංශයේදී (11) පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම ඉල්ලීම් දෙක ඉදිරිපත් වූ අතර එහිදී අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කර තිබේ.
-ලංකාදීප