Colombo Today Local News

ඉන්ධන නැවක් ආපහු හැරී යයි

ඉන්ධන පිරවුම්හල් ගැටළුවක් හේතුවෙන් මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමඟ නැවත ආපසු හැරී ගොස් ඇතැයි වාර්තා වේ.

එම්.ටී. හෆ්නියා ටයුරුස් නැමැති එම නෞකාව මෙම මස 2 වැනිදා මෙරට මුහුදු සීමාවට ළගාවී පසුගිය 6 වැනිදා නැවත පිටත්ව ගොස් තිබේ.

එම සමාගමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 150 ක් පැවරීමට පොරොන්දු වුවත් මේ දක්වා ඉන්ධන පිරවුම්හල් 70 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් දීම හේතුවෙන් ගැටලුවක් නිර්මාණය වී ඇති බවත් ඒ හේතුවෙන් අදාල සමාගම ඉන්ධන නෞකාව හරවා යවා ඇතැයි දැනගන්නට ලැබේ.

එම නෞකාව තුළ ඔක්ටේන් 92 ක පෙට්‍රල් සහ ඩීසල් මෙටි්‍රක්ටොන් 15,000 කින් තිබූ බවත් එම තොගය නොලැබීමෙන් කොළොන්නාව තොග පර්යන්ථය තුළ තුළ ඔක්ටේන් 92 ක පෙට්‍රල් තොගවල හිඟයක් ඇතිවී තිබෙන බවත් වාර්තා වේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකර අධ්‍යක්‍ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ අදාල නෞකාව ඉන්ධන තොගය සමඟ නැවත හැරීයෑම සත්‍ය බවත් එම ඉන්ධන තොගය නොමැතිවීම ඛනිජ තෙල් තොග පර්යන්තයේ තොගවලට එතරම් බලපෑම් නොකරන බවත්ය.එම ඉන්ධන තොගය නොමැතිවීම මත රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

– Lankadeepa

Related posts

තවත් වෙ-ඩි තැබීමක්

Admin

වනාතේ අරුණි හෙරොයින් එක්ක අතටම මාට්ටු

colombotoday

කින්යාහිදී පාරුවක් පෙරළී වූ අනතුරෙන් 6 ක් මරුට

colombotoday

පොදු ප්‍රවාහන භාවිතයට අදාළව නිරෝධායන නියෝගයක්

colombotoday

සමාජජාලා ක්‍රියාකාරීන්ට මැකො. අනතුරු අගවයි !

colombotoday

දුප්පත් මිනිහගේ සාක්කුවටත් ඇරියා… හිගාකෑවනම් මීට නම්බුයි.. අගමැති වහා ඉල්ලා අස්වෙනු !

colombotoday