Colombo Today Local News

ජලාශ උතුරන්න වැස්සත් පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගනියි

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය උපරිම මට්ටමින් පවතින අවස්ථාවක පෞද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිල දී ගැනීමක් සිදුව ඇති බව අනාවරණය වෙයි.

ලංකා විදුලි බලමණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා සඳහන් කළේ, මෙවැනි කටයුතු සිදුවන්නේ කාගේ අවශ්‍යතාව මතද යන්න සොයා බැලීමක් කළ යුතු බවයි.

“පසුගිය කාලයේ අපිට හොඳට ම වර්ෂාව ලැබුණා. අපේ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශ සම්පූර්ණයෙන් පිරී ඉතිරිලා යන්න තරම් වර්ෂාවක් ලැබුණා. ඒ වගේම නොරොච්චෝලේ බලාගාරයේ මේ වන විට ගල් අඟුරු ඇති තරම් ගෙනල්ලා ගල් අඟුරු ස්ටොක් එකක් තියෙනවා.

නමුත් පහුගිය සතියේ විදුලිබල මණ්ඩලයේ දත්තවල තියෙනවා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුනෙන් දෙකක් තමා ක්‍රියාත්මක වෙන්නේ. ඒ යන්ත්‍රවලිනුත් එකක් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොකර අඩු ධාරිතාවයෙන් තමා ක්‍රියාත්මක කරන්නේ.

ඒ අනුව පෞද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලට ගැනීමක් කරලා තියෙනවා. මේ වෙද්දි ජල විදුලි බලාගාරත් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කළ හැකි පසුබිමක් තිබිය දී නොරොච්චෝලේ උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයක් තුළ කාගේ උවමනාවකට ද මේ තෙල් බලාගාරවලින් විදුලිය මිලට ගත්තේ ?”

Related posts

ඉස්සරහට යන්න නම් කරන්නම ඕන වෙනසක් ගැන මහේල කියයි…

colombotoday

අශේන් වෙනුවෙන් අලි සබ්‍රී පෙරට

Admin

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියෝ අපවත් වෙති

colombotoday

මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්

colombotoday

බැදුම්කර – වංචා දූෂණ විවාදය පෙබරවාරි 6

colombotoday

දඹුල්ල නැවතත් ගිනියම් වේ.. පොලිස් ආරක්ෂාව තර කරයි !!

colombotoday