උතුරේ මහවිරු සැමරුම් පැවැති බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළේ යැයි අත්අඩංගුවට ගත් කැළුම් හර්ෂක ඇපමත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
කොළඹ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, මහවිරු සැමරුම් සිදුකළ අය අත්අඩංගුවට ගන්නා ලෙසයි.
එසේ ම සැමරුම සම්බන්ධ ඡායාරූප පළකළ අය අත්අඩංගුවට ගැනීමට ඇති නෛතික ප්‍රතිපාදන පිළිබඳ විමර්ශනය කර අධිරකණය දැනුම්වත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.