Colombo Today Local News

ආයතන ගැසට් කරයි වැඩිම ජනාධිපතිට

ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ ඇති අමාත්‍යාංශ 03ට අදාළ විෂය ක්ෂේත්‍ර ගැසට් කර ඇති අතර ඒ අනුව ජනාධිපතිවරයා යටතට ආයතන අනූහතරක වගකීම පැවැරේ.

ජනාධිපතිවරයා යටතේ ඇති මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය හා ආරක්ෂක අමාත්‍යාංශය යටතට මෙම ආයතන අනූ හතර ඇතුළත්ය.

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව, කොළඹ වරාය නගර ආර්ථික කොමිසම, මාගම්පුර වරාය කළමනාකරණ සමාගම, ශ්‍රී ලංකන් හා මිහින් ලංකා සමාගම්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, සේවක භාරකාර අරමුදල, සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, මහ බැංකුව, හෝටල් ව්‍යාපෘති, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අදාළ වේ.

ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය බුද්ධි සේවය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අදාළ වේ.

එමෙන් ම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතට ශ්‍රී ලංකා ටෙලිකොම් පාලිත සමාගම්, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, දත්ත ආරක්ෂණ අධිකාරිය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ නියාමන කොමිසම ඇතුළු ආයතන හතක් අදාළ වේ.

මෙයට අමතරව අමාත්‍ය නලින්ද ජයතිස්ස යටතේ ආයතන 41ක් ද අගමැතිනි හරිනි අමරසූරිය යටත් ආයතන 26ක් ද ගැසට් කර තිබේ.

Related posts

අගමැතිතුමනි.. අපට මෙතරම් විහිළු සපයනවාට ස්තූතියි

colombotoday

ප්‍රභාකරන් බේරාගැනීමට ඇමරිකාව, නෝර්වේ උත්සහා කල බව ඉන්දියාව මුල්වරට හෙළි කරයි !

colombotoday

මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවෙන් එලියට දමයි

colombotoday

ජනපතිගේ අගමැතිගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි !!

colombotoday

ඥානසාර හිමිට Facebook වාරණයක්. බොදු බල සේනා ක්‍රියාකාරීන්ගේ ගිණුම් අත්හිටුවා දමයි.

colombotoday

පොල් ප්‍රශ්නය විසදන්න මාස 6ක්වත් යනවා

Admin