Colombo Today Local News

ඉන්ධන මිල සූත්‍රය හොඳ දෙයක් නව ඇමති කියයි

ඉන්ධන අලෙවිය සඳහා මිල සූත්‍රයක් පැවතීම හොඳ දෙයක් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කරයි.

එය සංශෝධනය විය යුතුද නැද්ද යන්න ඉදිරියේදී සලකා බලන බවත් හෙතෙම කියා සිටියේ සිය අමාත්‍යංශයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

මිල සූත්‍රය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවද පැවසූ ඔහු සැම විටම මිල අඩු කිරීමට රජය උත්සාහ කරන බවද හෙතෙම එහිදී කියා සිටියේය.

“ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමේ අවශ්‍යතාවක් පැන නැගලා නෑ. අපි බලනවා මොකක්ද වෙන්න ඕන කියලා. ඉන්ධන මිල සූත්‍රයක් තිබෙන එක හොඳයි. ඒක සංශෝධනය කරන්න ඕනද කියලා බලනවා. අපි අලුත් විදිහට හිතනවා. අපි ඉන්ධන මිල අඩු කරන්න තමයි හදන්නේ”

Related posts

විදුලි ඉන්ජිනේරුවෝ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

colombotoday

අලියාගෙන් වෙන්වූ මනෝ ගනේෂන් ඉනිමගේ නගී !

colombotoday

නිදහස ලැබූ ඥානසාර හිමි පැවසූ දේ…

colombotoday

ජංගම දුරකථනය විදුහල්පතිවරයාට අසුවීම නිසා සිත් වේදනාවට පත් සිසුවියක් දිවිනසාගෙන?

Admin

මහ අනතුරක් අත ළග.. කටුගස්තොට ව්‍යාපාරිකයෙක් කන්දක් කපයි.. ප්‍රදේශවාසීන්ටත් යනෙන මං නැතිවෙයි !

colombotoday

විදේශයන් සතුව ඇති ලංකාවේ උරුමයන් නැවත ගෙනෙන්න යයි

Admin