Colombo Today Local News

පාලන මිලට සහල් දෙන්න බෑ

හාල් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වී නොමැතිකම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ වී මෝල් සියල්ල වසා දමා ඇතැයි ශ්‍රී ලංකා සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පැවැසීය.

වෙළෙද පොළේ වී වල මිලත් ඉහළ ගොස් දැන් වී කිලෝවක මිල රුපියල් 140 ක් වෙන බව ද ඔහු කීය.මේ සම්බන්ධයෙන් සභාපතිවරයා මෙසේ ද පැවැසීය.” වී කිලෝවක් රුපියල් 140 අරත් රජයේ පාලන මිලට හාල් දෙන්න බෑ. ගොවින් සතුව යම් ප්‍රමණයක වී තිබෙනවා. එහෙත් නිසි පරිදි මෙවර අනුරාධපුර දස්ත්‍රික්කයට වැසි නොලැබීම නිසා ඔවුන් වී වෙළෙඳ පොළට ලබා දෙන්නේ නෑ.

රජය මැදිහත්වෙලා මේ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගත යුතුයි. අතර මැදි වී තොග රැස්කරන්නන් හා මහ පරිමාණ මෝල් හිමියන් සන්තකයේ ලබන ජනවාරි, පෙබරවාරි දක්වා අවශ්‍ය වී තොග තිබෙනවා. නමුත් ඔවුන් ඒවා විවෘත වෙළඳ පළට ලබා දෙන්නේ නැහැ”.

Related posts

Time Out ක්‍රමයට සැමරීමට විදෙස් මාධ්‍යයේ අවධානය

Admin

අණ නොතකා ගිය මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

colombotoday

කොරෝනා මේ රටට බෝ කලේ මේ ආණ්ඩුවයි – එස්.එම් මරික්කාර්

colombotoday

සුදු වෑන් මාධ්‍ය සාකචඡාවේ දෙදෙනා හා රාජිතගේ ලේකම්ට ඇප !

colombotoday

පොරොන්දු පරිදි 7ට පෙර නිදහස් නොකළොත් නොකා නොබී මැරෙන බව කොටි සිරකරුවෝ ජනපතිට දන්වයි

colombotoday

නව ව්‍යවස්ථාව ගැන ඒකාබද්ධ විපක්ෂය මිරිහානේදී තීන්දුවක් ගනී !

colombotoday