ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන කිරුළපන මැයි රැළිය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම ඒ මහතා විසින් තහවුරු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ඊයේ 11 කොළඹදී පැවතී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.
ආණ්ඩුව විසින් නිරන්තර බොරු ප්‍රචාරයන් රැගෙන යමින් මැයි දින පෙළපාලිය පිළිබඳව අසත්‍ය ප්‍රචාර රැගෙන යන බවත්, ඒවා සියල්ලක් අසත්‍ය දේවල් බවත් ඒ මහතා එහිදී පැවසීය.