Colombo Today Local News

අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝනයක්

උදේසිරි වික්‍රමරත්න මහතා විසින් නිර්මාණය කරන ලද දේශපාලන ප්‍රහසන වේදිකා නාට්‍යයක් වන ගරු කටානායකතුමනි වේදිකා නාට්‍ය අද (2024/11/12) දිනයේදී රංග ගත කිරීමට එරෙහිව මැතිවරණ කොම්ෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනුකර තිබේ.

අංක 19 ස්වාධීන කණ්ඩායම යටතේ තරග වදින නීතිඥ ලහිරු අභයරත්න විසින් රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලය වෙත මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

මෙම පැමිණිල්ල පරිදි එතුමා පෙන්වා දෙන්නේ මෙම ප්‍රහසන වේදිකා නාට්‍ය තුළ විවිධ දේශපාලඥයන්ගේ අනුරූප රංගගත කරන බවත්, විවිධ නම් සහ එම නම් හැඟවෙන පරිදි විවිධ රංගනයන් ඉදිරිපත් කෙරෙන බවත් නිසා මෙම නාට්‍ය ඊයේ (11) දින රාත්‍රී දොළහෙන් පසුව නිවේදනය කරන ලද මැතිවරණ නිහඩ කාලය තුළ ප්‍රදර්ශනය කිරීම තවත් පිරිසකට ඉතාමත් අසාධාරණයක් සිදුවන බවයි.

එම නිසා අද දින 2024/11/12  3.30ට සහ 6.45ට බොරැල්ල පුංචි තියටර් රංග ශාලාවේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙන මෙම නාට්‍යය රංගගත කිරීමට එරෙහිව කටයුතු කරන බවට 19 වන ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් තරඟ වදින පුද්ගලයා විසින් රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මැතිවරණ ලේඛම් කාර්යාලයට ලිපියක් මගින් යොමු කර තිබේ.

Related posts

මහින්දගේ නුගේගොඩ රැලියට, රනිල්ගෙන් පිළිතුරු රැලියක් අනුරාධපුරේදී !

colombotoday

colombotoday

රාජ්‍ය නිළධාරී වාහන බලපත්‍ර මිල සීමාව ඉවතට.. විකිණීමටත් අවසර !

colombotoday

අනුරාධපුර ගම්මානයකට සංචරණ සීමා

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි අතුරු තහනම සඳුදා තෙක් දීර්ඝ කරයි

colombotoday

දකුණ, කටුනායක, පිටරවුම් අධිවේගී මාර්ග තුනම චීනයට විකිණේ.. කැබිනට් පත්‍රිකාව මේ සතියේ

colombotoday