ජාතික ජන බලවේග රජයක් තුළ අධ්‍යාපනයේ අසමානතා නැතිකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
සියලු පාසල් උසස් ප්‍රමිතියකින් පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සකස් කරන බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ.
ඒ ගම්පහ දිස්ත්‍රික් පෙරපාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින්.
පෙර පාසල් දරුවන් හා ගුරුවරුන් වෙනුවෙන් නව රජයේ ප්‍රතිපත්ති පිළිබඳව ද එහිදී අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කළා.
අමාත්‍ය විජිත හේරත් මහතා ඇතළු නියෝජිතයින් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියා.