Colombo Today Local News

දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා

විවිධ ආරක්ෂක හේතු මත පවරාගෙන තිබෙන උතුරේ ජනතාවගේ ඉඩම් යළි ඔවුන්ට ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එමෙන්ම නීතිපතිවරයාගේ උපදෙස් මත දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ආණ්ඩුව සූදානම් බව ඊයේ (10ද) වවුනියාවේ පැවති ජන හමුවක් අමතමින් හෙතෙම සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“පසුගිය සැප්තැම්බර් මාසයේ 21වැනිදා අපේ රටේ දේශපාලනයේ තියුණු තරගයක් මතුවෙලා තිබුණා. ඒ ජනාධිපති ඡන්දයේදී හිටපු ජනාධිපතිතුමා වවුනියාවට ආවා. වන්නියේ ජනතාවත් යම් ප්‍රමාණයකට ඡන්දය දුන්නා. ඒ විතරක් නෙවෙයි ජනාධිපති ඡන්දේදි විපක්ෂනායකතුමත් මේ වවුනියාවට ආවා. දැන් මේ ජන්දෙට එනවාද? නෑ. ඇයි ඒ ? ඒ අය ඒ අයව දිනවන්න විතරයි ඡන්දේ කරන්නේ.

පසුගිය ජනාධිපති ඡන්දේදී වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව 21,000 ක් අපිට ඡන්දය ලබා දුන්නා. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන්න ඒක විශාල පිටිවහලක් වුණා. ඒත් එදා අපි වන්නි දිස්ත්‍රික්කය පරාදයි.

අපේ රට හැම අතින්ම බෙදිලා තිබෙනවා. හින්දු, ඉස්ලාම්, කතෝලික, බෞද්ධ කියලා බෙදිලා. විවිධ කුල බෙදීම් තියෙනවා. අපේ රටට ඉදිරියට යන්න බෑ මේ විදියට බෙදිලා. අපේ ආණ්ඩුවේ ප්‍රධාන අපේක්ෂාව මේ සියලු බෙදීම් අවසන් කිරීමයි. කතා කරන භාෂාව අනුව, අදහන ආගම අනුව, තමන්ගේ සංස්කෘතිය අනුව ජනතාවගේ බෙදුණු යුගය අපි අවසන් කරන්න ඕනෑ. එහි ආරම්භක පියවර ලෙස දේශපාලන මතවාදයක් ලෙස, දේශපාලන ව්‍යාපාරයක් ලෙස සියලු ජනතාව එක කොඩියක් යටතට එන්න ඕනෑ.

උතුරේ ජනතාවට හිමි ඉඩම් විවිධ ආරක්ෂක හේතුන් මත පවරාගෙන තිබෙනවා. එම ඉඩම් යළි එම ජනතාවට ලබා දෙනවා. දකුණේ විරෝධයක් එයිද? නෑ ඔවුන් අපිව විශ්වාස කරනවා. එහෙමයි මේ රට ගොඩනැගෙන්නේ.

ඒ විතරක් නෙවෙයි අපි දන්නවා යුද්ධයක් තිබුණා, විශාල විනාශයක් සිදුවුණා. ඒත් දේශපාලන සිරකරුවන් ඉන්නවා. අපි නීතිපතිතුමාගේ උපදෙස් මත ඔවුන් නිදහස් කිරීම සඳහා පියවර ගන්න ලෑස්තියි. දකුණ විරුද්ධ වෙයිද? නෑ. සමගි සම්පන්න දකුණක්.

එදා එහෙම නෙවෙයි. උතුරේ එහෙම එකක් වෙන කොට දකුණ විරුද්ධ වෙනවා. ඇයි ? බෙදිලා තියෙන්නේ. බෙදිලා දේශපාලනය කරලා තියෙන්නේ. වෙන්වෙලා දේශපාලනය කරලා තියෙන්නේ. එතකොට වෙන වෙනම් ප්‍රශ්න දිහා බලන්නේ. දැන් අපි එකතුවෙලා ඉන්නේ.”

Related posts

“ETCA අත්සන් කිරීම ළගදීම.. නිල සාකච්ඡාවට ඉන්දීය වාණිජ ඇමතිනිය එනවා” – ආචාර්ය හර්ෂ

colombotoday

කැනේඩියානු මහ කොමසාරිස්වරයා ජනපති හමුවෙයි

colombotoday

නිව්යෝක් ටයිම්ස් කියන්නේ පැහැදිලිවම ඇත්තයි… ඔර්ලෝසු, සාරි මටත් ලැබුණා…

colombotoday

එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් සභා මන්ත්‍රීන් පොහොට්ටුව ලකුණින් පළාත් සභා මැතිවරණයට

colombotoday

ඉන්දියාව දැඩි අවධානෙන් පසු වූ චීන නැව කොළඹට සේන්දු වෙයි

Admin

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 4 දෙනෙකුට සිතාසි නිකුත් කිරීමට ජනපති කොමිසමේ අවදානය

colombotoday