Colombo Today Local News

වල්ගම දියගම පාර කි.මී7ක් පුනරුත්තාපනයට මාලිමාණ්ඩුව කෝටි 244ක් වෙන් කරයි

රක්වාන – සූරියකන්ද මාර්ගය වැඩි දියුණු කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක ණය මුදලක් අන්තර්ර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල මඟින් ලබා දී ඇත.

එම ණය මුදලෙහි ඉතිරි ණය ශේෂය යොදා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ වල්ගම – දියගම මාර්ගයේ කිලෝමීටර 0+000 සිට කිලෝමීටර 7+000 දක්වා කොටස පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ලංසු කැඳවා තිබේ.

ඒ සඳහා ලංසුකරුවන් 08 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත.

තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම් ව රක්වාන – සූරියකන්ද මාර්ග ව්‍යාපෘතියෙහි ඉතිරි ණය ප්‍රතිපාදන යොදා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ වල්ගම – දියගම මාර්ගයේ වැඩි දියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් බිලියන 2.44 (වැට රහිත) මුදලකට මාගා ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම පිණිස ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති කැබිනට් තීර්ණ දැක්වෙන මාධ්‍ය නිවේදනය මෙසේය.

Related posts

පොලිස් සෝදිසියකදී වැලි අස්සෙන් දැව මතුවෙයි

Admin

දළඳා මාලිගාවේ වෙඩින් ප්‍රී ෂූට් එකක්

Admin

“සයිටම් ජනසතු කරන්නෑ.. ඇමති මණ්ඩලයම ඒකට එකගයි.. චම්පිකත් අත ඉස්සුවා“ – රාජිත

colombotoday

අගමැති, ජනපතිට අවි අමෝරයි !

colombotoday

දැන් කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබන විදුලිබල මණ්ඩලය අභයාරාමයටත් විදුලිය කපන්න ගිහින්

Admin

පේරාදෙණිය රෝහලෙත් හොර වද සැත්කම්… මුස්ලිම් දොස්තරවරිය අතුරුදන් !

colombotoday