Colombo Today Local News

වාහන ආනයනයට කොළ එළියක්

වාහන ආනයනය සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයකට යටත්ව ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු පැවසුවේ ඒ සම්බන්ධව මහ බැංකුව ද එකඟතාව පළ කර ඇති බවය.

ඒ අනුව ඉදිරියේදී නිසි ක්‍රමවේදයක් සකස් කර මහජනතාවට දැනුම්දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

“වාහන ආනයන ක්‍රියාවලිය යම් ක්‍රමවේදයකට අනුව ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්න රජය තීන්දු කරලා තියෙනවා. මහ බැංකුවත් ඒ ගැන එකඟතාව පළ කරලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී ඒකට නිසි ක්‍රමවේදයක් සකස් කරලා දැනුම් දෙන්නම් ඒකට ක්‍රමවේදය මොකක්ද කියලා. ඒකට විවිධ අය සම්බන්ධ කරගෙන සාකච්ඡා පවත්වලා තියෙනවා. ඒ සියල්ල සලකා බලලා අපේ මුදල් පිටට එකපාර ගලාගෙන යන්නේ නැති විදිහටත් මේක ක්‍රමානුකූලව කරන්න ඕනේ”

Related posts

පළාත් මායිම් මාර්ග බාධක රාජකාරී ඉහළ නංවන්න, පොලිස් ඇමතිගෙන් උපදෙස්

colombotoday

රැවුල වැවීම තහනම්, මුහුණ වැසීම තහනම්.. චීනය මුස්ලිම් අන්තවාදයට බැට දෙයි

colombotoday

ගාල්ල ආසනය කරට කර… සජිත් නූලෙන් දිනයි !

colombotoday

කොටවෙහෙර විහාරයේ කරඬු හොරු අල්ලන්න මහජන සහය පතයි

colombotoday

‘කුණුහරුපෙන් බැන සමාව ගත් නිසා, හරීන්ට සමාව දෙනවා‘ – කථානායක

colombotoday

ඇමති වජිරට ගිංතොට ජනතාවගේ විරෝධය.. හූ කියා පන්නා දමයි (Video)

colombotoday