Colombo Today Local News

ගණිකා වෘත්තියේ නියැලුනු වරදට ගහපු දඩය මෙන්න

නුවරඑලිය නගරයේ සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කිරිමේ ජාවාරමක් සිදුකරගෙන ගිය එම මධ්‍යස්ථානයේ කලමණාකරු, ගොඩනැගිල්ලේ හිමිකරු සහ එම මධ්‍යස්ථානයේ සිටි කාන්තාවන් පස්දෙනෙකු නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා එක් කාන්තාවකට රු 100 බැගින් කාන්තාවන් පස්දෙනාට රු 500 ක්, එම මධ්‍යස්ථානයේ කලමණාකරුට රු එක් ලක්ෂ පනස් දහසක්, ගොඩනැගිලි හිමිකරුට රු ලක්ෂ දෙකක දඩයක් ගෙවන ලෙසට නුවරඑලිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනි මෙනවිය (21) දින නියෝග කලාය.

නුවරඑලිය නගරයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කරන බවට නුවරඑලිය පොලිසියට ලද තොරතුරක් මත නුවරඑලිය පොලිසිය විසින් උපාය දුතයෙකු යොදාගෙන වැටලිමක් සිදු කර එම මධ්‍යස්ථානයේ සිටි කාන්තාවන් පස්දෙනෙකු, එහි කලමණාකරු සහ ගොඩනැගිල්ලේ හිමිකරු ඉකුත් (08) දින අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සැකකරුවන් (21) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

අධිකරණය හමුවේ වරද පිලිගත් කාන්තාවන් අවු 40-50 අතර වයස් කාණ්ඩ වල පසුවන කුරුණැගල, පොලොන්නරුව ප්‍රදේශවල පදිංචිකාරිනියන් වන අතර, සැකකරුවන් දෙදෙනා නුවරඑලිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

Related posts

ව්‍යවස්ථා නිර්දේශ ප්‍රසංශනීයයි.. ෆෙඩරල් නෑ.. අනාගමික නෑ.. පරාජිතයින් බොරු බිල්ලෙක් මවනව – JHU

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් රාජකාරී ආරඹයි

colombotoday

දරුවන්ට පොලිතින් කැවූ විදුහල්පතිට මාරුවක්

Admin

ණය අර්බුදයේ තරම කැබිනට් තීරණයෙන් තහවුරු වේ.. අධික පොලියට තවත් ණය ගනී !

colombotoday

ඥාණසාර හිමි සිරගතකර චීවරය ගලවද්දී, උසාවියට ගල් ගැසූ අය නිදැල්ලේ… නීතිය කාටත් සමානලු !

colombotoday

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ගැන ලබන වසරේදී සංගණනයක්

Admin