Colombo Today Local News

බ්‍රික්ස් සාමාජිකත්වය ගන්න සූදානම්

BRICS සමුළුවේ සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඒ සඳහා මෙම මස 23දා සිට 24දා දක්වා රුසියාවේත් කසාන් නුවර පැවැත්වෙන BRICS සමුළුවට සහභාගී වන විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා මගින් අයැදුම් කරන බව ද ඔහු සඳහන් කරයි.

ඉදිරියේ දී පැවැත්වෙන මහ මැතිවරණය නිසා තමාට මෙම සමුළුවට සහභාගී වීමට නොහැකි බවත් ලේකම්වරයා මගින් සිය පණිවුඩය සමුළුවට ඉදිරිපත් කරන බවත් හේරත් මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති මෙරට සිටින විදෙස් තානාපතිවරුන්, එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයන් සහ කොළඹ මූලික කරගෙන ක්‍රියාත්මක ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීය.

Related posts

කොම්පඤ්ඤ වීදියේ අක්කර 8ක් විදෙස් සමාගමකට පවරා දෙයි

colombotoday

ඊ.පී.එෆ් මහජන සබඳතා කවුළු තාවකාලිකව වැසෙයි | සේවාවන් දුරස්ථව ලබා ගැනීමට දුරකථන අංකයක්

colombotoday

මියන්මාරයේ දී පූජ්‍ය විරතු හිමි හා පුජ්‍ය ඤාණසාර හිමි අතර හමුවක්

colombotoday

තිස්ස අත්තනායක සමාව ගන්නවානම් කූට ලේඛන නඩුව කෙටි ක්‍රමයකින් ඉවරකර ගන්නම් – ජනපති සහ අගමැති

colombotoday

ඥාණසාර හිමියන්ට අධිකරණයෙන් තීන්දුවක් !

colombotoday

ගංවතුරින් අපදාවට පත් ජනතාවට සහන

colombotoday