Colombo Today Local News

මාලිමාව 125ක් අරගෙන පුනරුදය අරඹනවා

මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා මුළු රටෙන්ම මන්ත්‍රී ධූර එකසිය විසි පහකට වැඩි සංඛ්‍යාවක් ලබා ගනිමින් ජාතික ජනබලවේගය විසින් බහුතර බලයක් සහිත ස්ථාවර ආණ්ඩුවක් හදන බව තමන් කැට තියා ප්‍රකාශ කරන බව ජාතික ජනබලවේගයේ විධායක සභික අනුරාධපුර මන්ත්‍රී ධූර අපේක්ෂක කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මහතා පැවසීය.

පසුගිය විසි එක් වෙනිදා පැවැති ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව විසින් ඇති කළ නව දේශපාලන පරිවර්තනය පුනරුදයක ඇරඹුමට ශක්තිමත් කිරීමට සහ ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ අති බහුතරයක බලයක් සහිත ආණ්ඩුවක් ගොඩනැගීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද බල ප්‍රදේශ හතම ජයග්‍රහණය කොට ශක්තිමත් කණ්ඩායමක් යැවීමට ජනතාව සූදානමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

අනුරාධපුදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Related posts

මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීමෙන් සිදුවූ හානිය ගැන ඇමති ප්‍රසන්න වාර්තාවක් කැඳවයි

colombotoday

පොලිස් නිලධාරීන් 20 දෙනෙක් සයිබර් අපරාධ පිළිබඳ විශේෂිත පුහුණුවකට ඉන්දියාවට

Admin

විපක්ෂය 113 බහුතරය පෙන්නුවත්, මගේ කැමැත්ත නැතිව ආණ්ඩු හදන්න බෑ..

colombotoday

අඩු ආදායම් ලාභී පවුල් සඳහා මූල්‍ය සහන

colombotoday

බරපතළ සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේට ඇප

Admin

සී.එස්.එන් රූපවාහිනී නාලිකාවට විකාශන බලපත්‍රය යලිත් ලබා දෙයි.

colombotoday