Colombo Today Local News

ලාල් කාන්ත ප්‍රදර්ශනයට තියන්න යන දේ

පාලකයන්ගේ වරදින් ජනතාව දුක් විඳිද්දී මේ රටේ නායකයන් මොන තරම් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර තිබෙන්නේද යන්න ජනතාව දැනගත යුතු බවත් ඉදිරියේදී විශ්‍රාමික ජනාධිපතිවරු හිටපු නිල නිවාසවල තත්ත්වයත් පෙන්වන බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ඉදිරියේදී මේවා ප්‍රදර්ශනය කරාවියැයි බියෙන් ඇතැම් අය මේ වන විට නිල නිවාසවල බඩු වෙනත් තැන්වලට ගෙනයන්නට උත්සාහ කරන බව තොරතුරු වාර්තා වන බවද ඒ මහතා කීය.මහනුවර, යටිනුවර වීදියේ ඩෙවෝන් රෙස්ට්හිදී ඊයේ (03දා) පැවැති මාධ්‍ය හමුවකදී ලාල්කාන්ත මහතා මෙසේද පැවැසුවේය. මේ රටේ දේශපාලනඥයන් ජනතාවගේ සම්පත් කුමන ආකාරයටද පරිහරණය කළේ කියන කාරණය නොදැන සිටි අය ඒවා දැනගත යුතුයි. ඒ වෙනුවෙන් අපි තව තවත් ප්‍රදර්ශන පවත්වනවා. ජනතා මුදල් කාබාසිනියා කරමින් සිඟිති ආතල් ගත්තු උදවියට මෙය ගැටලුවක් විය හැකියි.

හිටපු ජනාධිපතිවරයා පසුගිය කාලයේදී කිසිදු අදාළ කමක් නැති තනතුරුවලට තම තමන්ගේ හිතුවතුන් පත්කර යාන වාහන ලබාදී තිබෙනවා.හිතවතකුට තනතුරක් දෙන්න ඕන වුණාම තනතුරක් හදලා ඒ අයට දීලා. මේවා මේ රටේ ජනතාව දැන ගැනීම වරදක්ද. ජනතාව වංචා දූෂණයට විරුද්ධයි වගේම ඒවා කළ අයට දඬුවම් දිය යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා. ජනතාවගේ සල්ලිවලින් සිඟිති ආතල් ගත්ත අයට මේවා ඇහේ කටු අනිනවා වගේ.මහනුවර මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රි චන්ද්‍රසිරි විජේනායක මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.

– කේ.එල්. සුරවීර

Related posts

අර්බුද සමයේ තෙල් වලින් බිලියන 36ක ගැහිල්ලක්

Admin

18ට අඩු දැරියන් විවාහ කරගන්න ඕනෑමයි. උලමා සභාව යලි අවධාරණය කරයි.

colombotoday

කෑගල්ලේ රෝගීන් 50.. රත්නපුරේ 125යි.. රටපුරා රෝගීන් 2000 ක්.. ලාදුරු නැවත හිස එසවීමේ අවධානමක්

colombotoday

WhatsApp අලුත් වෙයි : නව විශේෂාංග 3ක්..

Admin

කොටි රූකඩ වලට නටන්න ඉඩ දෙන්නෑ.. ජනතාවගේ ඉවසීමේ සීමාව පරීක්ෂා නොකරන්නැයි හූල්ට ප්‍රසන්නගෙන් ඉල්ලීමක්

colombotoday

මාස තුනකට වරක් විදුලි ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin