Colombo Today Local News

කෑගල්ලේ රෝගීන් 50.. රත්නපුරේ 125යි.. රටපුරා රෝගීන් 2000 ක්.. ලාදුරු නැවත හිස එසවීමේ අවධානමක්

”කෑගලු දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන් 50ක් පමණ ඉන්නවා. රත්නපුර දිස්ත්‍රික්කයේ රෝගීන් 125ක් පමණ වාර්තා වෙනවා. ලංකාව පුරා රෝගීන් 2000ක් පමණ වසරකට වාර්තා වෙනවා. කලින් හඳුනාගෙන ප්‍රතිකාර ගතහොත් ලාදුරු සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි. මේ රෝගය බෝ කරන්නේ මයිකේ‍රා්බැක්ටීරියම් ලෙප්රේ නමැති බැක්ටීරියාවක් මඟින්. බී.සී.ජී. එන්නත නිසා අවුරුදු පහක් පමණ වන තෙක් දරුවන්ට ලාදුරු හැදීමේ ප්‍රවණතාව අඩුයි. ලාදුරු බැක්ටීරියාව පරිසරයට එන්නේ බෝවන වර්ගයේ ලාදුරු රෝගියකු කිවිසුම් හරින විට හෝ කහින විට’යැයි කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ චර්ම රෝග අංශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක හේරත් බණ්ඩාර මහතා පැවැසීය.

ඒ මහතා පැවැසුවේ අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහා චර්ම රෝග සහ ලාදුරු රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.
‘වැඩිම බැක්ටීරියා ප්‍රමාණයක් ඉන්නේ නාසයේ සහ ශ්ලේෂ්මලවලයි. කෙනකු හුස්ම ගන්නා විට ශ්වසනාලයෙන් තමයි මෙම බැක්ටීරියාව ශරීරගත වන්නේ. හැබැයි අපට වාසියක් තියෙනවා. සියයට 90කටම අපට මේ රෝගය වැලඳෙන්නේ නැහැ. ශරීරයේ ප්‍රතිශක්තිය තියෙන අයට මෙම රෝගය වැලඳෙන්නේ නැහැ. දැන් ලාදුරු රෝගයට ඕනෑ තරම් බෙහෙත් තියෙනවා. ඒ නිසා කිසිසේත්ම බිය විය යුතු නැහැ.

ලෙඩෙක් ළඟ හිටියට ස්පර්ශ වුණාට ලාදුරු බෝ වෙන්නේ නැහැ. ප්‍රතිකාර ගන්නා රෝගියකුගෙන් කෙනකුට බෝ වීමේ හැකියාවක් නැහැ. ලාදුරු බැක්ටීරියාව ශරීර ගත වී වසර පහක් හයක් ගිය පසු තමයි රෝග ලක්‍ෂණ මතු වෙන්නේ. බෝ නොවන වර්ගයේ ලාදුරු රෝගීන්ට මාස හයක් සහ බෝ වන වර්ගයේ ලාදුරු රෝගීන්ට වසරක කාලයක් ප්‍රතිකාර ලබා දෙනවා.

ප්‍රතිකාර ප්‍රමාද වුවහොත් ඇස්, අත්, පා ආදී සියලුම අවයව සඳහා බලපානවා. තරබාරු වෙන්න වෙන්න බෝ නොවන රෝග වගේම සමේ රෝගත් වැඩි වෙනවා. මෙම රෝගයේ රෝග ලක්‍ෂණ අතර අළුහම් වැනි සමෙහි ඇති වන ළා පැහැති හෝ රතු හෝ තඹ පැහැති ගැටිති දක්නට ලැබේ. එවැනි ළප මත දැනීම ස්පර්ශය හෝ වේදනාව අඩු වීම හා කැසීමක් නොමැති නම් ලාදුරු විය හැකියි.

Related posts

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6 සිට ඇදිරි නීතිය

colombotoday

නිදහස ලැබූ ඥානසාර හිමි පැවසූ දේ…

colombotoday

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතයි

colombotoday

විල්පත්තු රක්ෂිතයේ බිම් අගලක් කාටවත් දුන්නේ නෑ – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

colombotoday

විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාසභංගය ඉල්ලා අස්කර ගනී !

colombotoday

පාරිභෝගිකයින් වෙනුවෙන් නිකුත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාරිභෝගික පුවත්පත එළිදැක්වීම අද

colombotoday