Colombo Today Local News

වතුර බෝතලෙන් ගහපු ගැහිල්ල

පානිය ජල බෝතලයකින් වෙළෙඳසැල් හිමියන් ලබන අසීමාන්තික ලාභය හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිතිගත ජල බෝතල් සංගමය ඒ සඳහා පාලන මිලක් යෝජනා කර තිබේ.

ඒ අනුව රුපියල් 100ක් වන මිලිලීටර් 500 පානිය ජල බෝතලය රුපියල් 70ක්, රුපියල් 150ක් වන ලීටරයේ බෝතලයක් රුපියල් 100ක්, රුපියල් 180ක් වන ලීටර් එක හමාරේ බෝතලය රුපියල් 130ක් සහ රුපියල් 450ක් වන ලීටර් 5 පානිය ජල’බෝතලය රුපියල් 300ක් විය යුතු බවට යෝජනා කර තිබේ.

“මේ හරහා සියයට 150 ලාභයක් අතරමැදියාට සහ සිල්ලර වෙළෙන්දාට ලැබෙන්නේ. මේ ලාභය නිෂ්පාදකයාට හිමි වෙන්නේ නෑ.” යැයි එම සංගමයේ සභාපති තිලක් මුණසිංහ පැවසීය.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ බොරලැස්ගමුව ප්‍රදේශයේ ඊයේ (02 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.

“පසුගිය කාලයේ අමුද්‍රව්‍ය සහ සේවාවන්වල මිල ඉහළ යෑම මත පානීය ජල බෝතල්වල මිලත් ඉහළ ගියා. ඉන් අනතුරුව අමුද්‍රව්‍ය සහ සේවාවන්හී මිල පහළ ගියත් සමහර වෙළෙඳ මහතුන්ගේ බලපෑම මත පානීය ජල බෝතල්වල මෙම මිලම පවත්වා ගෙන ගියා. මෙය ඇත්තෙන්ම නොවිය යුතු දෙයක්. මේ නිසා සංගමයක් ලෙස අපි තීරණය කළා මේ පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරිය සහ පාරිභෝගිකයා දැනුවත් කරලා මේ සඳහා මිල පාලනයක් ඇති කරන්න. ලංකාවේ පානීය ජල බෝතල් නිෂ්පාදන ආයතන 365ක් තිබුණත් මේ වනවිට ක්‍රියාත්මක වෙන්නේ ඉන් 165 පමණයි. මේ රට හොඳ දිශාවකට යන නිසා අපිත් තීරණය කළා පානීය ජල බෝතල් සඳහා යම් සහනදායී බවක් ලබා දෙන්න. මේ මිල යෝජනාව ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අපි ඉල්ලා සිටිනවා.”

Related posts

කොරෝනා රෝගීන් දෙපිල බෙදී ගුටි ඇනගනිනි

colombotoday

අද සිට විදුලි කප්පාදුව ⁣අවම හෝ අත්හිටුවීමට හැකි

colombotoday

අතරුදන් පනතට සහය වූ සියළු දෙනා මරා දැමිය යුතු ද්‍රෝහීන් – රියර් අද්මිරාල් සරත් වීරසේකර

colombotoday

රාජපක්ෂලා වෙනුවෙන් පෙනී නොසිටීමට ඕනෑ තරම් හේතු තිබෙනවා – විමල්

colombotoday

IMF අනුමැතිය ලැබුණු පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා පහළ යයි – ජනපති

Admin

නිරෝධායන නීති කැඩූ තවත් 253කට වැඩ වරදී

colombotoday