රාජ්‍ය සේවකයින් සඳහා වැඩි කළ රුපියල් 10,000ක වැටුප 2020 ජනවාරී 1 වැනිදා වන විට ඔවුන්ගේ මූලික වැටුපට එකතු කිරීම අවසන් වන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි.
රාජ්‍ය සේවකයාගේ රුපියල් 11,730ක අවම වැටුපට එය එක්වූ පසු 2020 ජනවාරී 1 වැනිදා වන විට ඔවුන්ගේ මූලික වැටුප රුපියල් 24,000ක් වන බවද ඇමතිවරයා ඊයේ සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී පැවසිය.