30 C
Colombo
1 April 2025
Uncategorized

රටෙන් පනින රටවැසියන්

ආර්ථික අර්බු­ද­යෙන් දැඩි පීඩා­වට පත්ව සිටින පාකි­ස්තාන ජාති­ක­යන් ආග­මික වන්ද­නා­ක­රු­වන් ලෙස මැද­පෙ­ර­දිග රට­ව­ලට සංක්‍ර­ම­ණය වීම වර්ධ­නය වී ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඕමාන්‘ පුවත් සේවය වාර්තා කළේය.

එම රට­ව­ලට සංක්‍ර­මණය වන බහු­ත­ර­ය­කට රැකි­යා­වක් සඳහා අත්දැ­කීම් හෝ සුදු­සු­කම් නැති බැවින් ඔවුන් යාච­ක­යන් ලෙස වීදි පුරා රස්ති­යාදු වෙමින් සිටින බවත් ‘ටයිම්ස් ඔෆ් ඕමාන්’ පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මැද­පෙ­ර­දිග බොහෝ රට­වල පාකි­ස්තාන යාච­ක­යන්ගේ සංඛ්‍යාව ඉහ­ළ­ යෑම එම රට­වල පාර්ලි­මේ­න්තුවේ ද සාක­ච්ඡා­වට ලක් වී ඇතැයි ද, එම ගැට­ලුව විස­ඳී­මට පිය­වර ගත යුතු බවට එක­ඟ­තාව පළ කර ඇතැයි ද වාර්තා වේ. එම යාච­ක­යන් අතර සැල­කිය යුතු කාන්තා­වන් සංඛ්‍යා­වක් සිටින බව ද වාර්තා වේ.

මෑත කාලයේ මැද­පෙ­ර­දිග රට­වල යාච­ක­යන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, ඉන් 90%ක්ම පාකි­ස්තාන ජාති­ක­යන් බව හෙළිවී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

මතුවී ඇති අර්බු­දය හේතු­වෙන් ආග­මික අර­මුණු සඳහා වීසා බල­පත් නිකුත් කිරී­මේදී වැඩි අව­ධා­න­යක් යොමු කිරී­ම­ටත් මැද­පෙ­ර­දිග රට­වල දැඩි අව­ධා­නය යොමු වී ඇති අතර, එම රට­වල ව්‍යාපා­රි­ක­යන් සහ ඉහළ වෘත්ති­ක­වේ­දීන් ලෙස කට­යුතු කරන පාකි­ස්තාන ජාති­ක­යන්ගේ කීර්ති­නා­ම­යට ද බල­පාන සංකීර්ණ ගැට­ලු­වක් වී ඇතැයි වාර්තා වේ.

Related posts

යහපාලනයත් ඥාති සංග්‍රහ අරඹයි. ජනපති ගජ මිතුරු බෑණා නීතියට පිටින් ලන්ඩන් තානාපති සේවයට.

colombotoday

අර්ජුනගෙන් ඥති පරපුරටම වරායේ සංග්‍රහ – වෘත්තීය සමිති විරෝධය

colombotoday

විදෙස් ණය වල පොලී ගෙවන්න වසරේ මුළු රාජ්‍ය ආදායමත් මදි…

colombotoday

ඉන්ධන නෑ,විදුලිය නෑ,සල්ලි නෑ, අරගලයෙන් පසු බංගලාදේශයේ තත්වය මෙන්න

Admin

ඡන්දහිමියෙකුට වැයකළ යුතු වියදම් සීමාව මෙන්න

Admin

Nissan Juke-R vs GT-R track test

colombotoday