Colombo Today Local News

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් අතහැරීමට තීරණය කරයි

පසුගිය 15 වන දා පැවති 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ අර්බුදකාරී ප්‍රශ්න තුන ඉවත් කර පිළිතුරු ඇගයීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

විභාගයට පෙර දින ඇතැම් ප්‍රදේශවල සාකච්ඡා කර ඇතැයි පැවසෙන මෙම ප්‍රශ්න තුනට සමානතාවකින් යුත් ප්‍රශ්න ඇතුළත් ආදර්ශ ප්‍රශ්න පත්‍රය සහ විභාග ප්‍රශ්න පත්‍රය පිළිබඳව විභාග ප්‍රශ්න පත්‍රය සකස් කළ පරීක්ෂක මණ්ඩලය සමග ඊයේ (සැප්. 17) දින දීර්ඝ ලෙස සාකච්ඡා කර මෙම තීරණයට එළැඹි බව ද කොමසාරිස්වරයා සඳහන් කළේ ය.

එම ආදර්ශ ප්‍රශ්න පත්‍රය තුළ පසුගිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්නවලට සමාන ප්‍රශ්න කිහිපයක් සහ මෙවර විභාගයේ ප්‍රශ්න තුනකට සමාන ප්‍රශ්න ඇතුළත්ව ඇතැයි ද, විභාගයට පෙර මෙම ආදර්ශ පත්‍රය සීමිත පිරිසක් අතරේ සාකච්ඡාවට බඳුන් වී ඇතැයි ද අනාවරණය වූ බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

යම් සීමිත සිසු පිරිසකට විශේෂ වාසියක් අත්වීම මෙන් ම සෙසු බහුතර සිසු පිරිසකට අගතියක් සිදුවීම වැළැක්වීමට ඊයේ ගනු ලැබූ තීරණය හේතුවනු ඇතැයි ද ජයසුන්දර මහතා කීය.

Related posts

ගාලු මුවදොර මාර්ගය සැහැල්ලු රථ වාහන වලට ඇරෙයි

colombotoday

කොටි විරෝධී මාධ්‍යයට එරෙහිව තර්ජන එදා සහ අද

colombotoday

ආවා කල්ලියේ ලොක්කෝ තිදෙනා ඉන්දියාවෙන් අල්ලයි

colombotoday

නාවලපිටිය ජය අනුරට

Admin

“අණ නොතකා යන රියකට වෙඩි තබන්න පොලීසියට බෑ“ – පොලිස් කොමිසම කියයි

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

colombotoday