Colombo Today Local News

අර්බුද සමයේ තෙල් වලින් බිලියන 36ක ගැහිල්ලක්

ආර්ථික අර්බුදය පැවති සමයේ දී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේ දී රුපියල් බිලියන 36 ක අති දැවැන්ත වංචාවක් සිදුව ඇති බව විගණන වාර්තා මගින් තහවුරු වී ඇති අතර, මෙම අති දැවැන්ත වංචාවට සම්බන්ධ දේශපාලනඥයන්සට සහ නිළධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට, අදාල පාඩුව ඔවුන්ගෙන් අය කර ගන්නා ලෙස විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇති ඇතත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බව හෙළි වී තිබේ.

මෙම හෙළිදරව්ව සිදුකර තිබෙන්නේ, ජනාධිපති ධූර අපේක්ෂකයෙකු වන ජනක රත්නායක මහතා විසිනි.

ඔහු පවසන ආකාරයට මීට අදාල වගකිව යුතු පාර්ශ්ව විසින් අදාල වංචාව සිදුකර තිබෙන්නේ 2022 වසරේ දී ය.

තමන්, මෙම වංචාව සම්බන්ධයෙන් එවකට පැවති කෝප් කමිටු සභාපතිවරයා සහ විගණකාධිපතිවරයා දැනුවත් කළ බව පවසන ජනක රත්නායක මහතා, එම අවස්ථාවේ දී තමන් ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන පරීක්ෂා කර බැලූ කෝප් කමිටු සභාපතිවරයා සහ විගණකාධිපතිවරයා, වංචාවක් සිද්ධ වී ඇති බව පිළිගත් බවද පවසයි.

ඉන් පසුව, ජාතික විගණන කාර්යාලය මේ සම්බන්ධයෙන් විගණනයක් සිදු කර තිබේ. එම විගණනයෙන් අදාල වංචාව තහවුරු කර ඇති අතර, ඉන්ධන මිලදී ගැනීමට අදාල ප්‍රසම්පාදනයේ දී සිද්ධ වී තිබෙන මෙම වංචාවට වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් රට අහිමි වූ එම අති දැවැන්ත මුදල් ප්‍රමාණය අය කර ගන්නා ලෙස ද නිර්දේශ කර තිබේ.
2022 මාර්තු මස 01 වැනිදා සිට ඔක්තෝබර් 31 දක්වා කාලය තුළ ඩීසල් මිලදී ගැනීමේදී බැරලය ඩොලර 6.98ට මිලදී ගැනීමට ගිවිසුම් ගතව තිබියදී එම සමාගමට බැරලයට ඩොලර් 24 බැගින් ගෙවීම හරහා කර ඇති වංචාව මිලියන 3.047කි.

තව ද ඩීසල් බැරලයක් ඩොලර් 6.98 යටතේ සැපැයීමට ඉහත සමාගම සමග ගිවිසුම්ගතව තිබියදී වෙනත් සමාගම් දෙකකින් එම කාලය තුළදී ඩීසල් බැරල් 922381ක් ඩොලර් 13.83, ඩොලර් 19.87, ඩොලර් 17 යන අධික මිල ගණන් යටතේ ගැනීමෙන් සිදුකර ඇති වංචාව මිලියන 3382කි.

එසේම 2022 වසර තුළදී ඔටෝ ඩීසල් බැරල් 18,20,012ක් ආනයනය කර ඇති අතර ඒවා සඳහා මිල නියම කිරීමේදී නියම පිරිවැය වෙනුවට ඉහළ ගුණාත්මක ඉන්දනවලට ගෙවන සිංගප්පූරු මිල පදනම් කරගෙන ගෙවීම් කර ඇත. එහිදී සිදුවී ඇති වංචාව රුපියල් මිලියන 3873කි.

ඉන්දීය රජය මෙරටට ලබාදුන් ණය යටතේ ඩීසල් බැරල් 599,722ක් මෙරටට ගෙන්වා ඇත්තේ පහළ ගුණාත්මක භාවයෙන් යුත් ඒවා වුවද ඒවාට මිල නියම කිරීමේදී උසස් ප්‍රමිතියෙන් යුත් ඉන්ධන සඳහා ගෙවන සිංගප්පූරු මිල ගණන් පදනම් කරගෙන පිරිවැය පෙන්වා ගෙවීම් කිරීමෙන් සිදුකර ඇති වංචාව රුපියල් මිලියන 1670කි.

එමෙන්ම 2022 වර්ෂයේ ද අවස්ථා 3කදී සයිබීරියාවෙන් බාල බොරතෙල් බැරල් 20,23,509 ක් ගෙන්වා ඇති අතර මේවායේ පිරිවැය ගණනය කර ඇත්තේ උසස් ඉන්ධන සඳහා ගෙවන සිංගප්පූරු මිල ගණන් පදනම් කරගෙනය. එම ගනුදෙනුව හරහා සිදුකර ඇති වංචාව රුපියල් මිලියන 17,876කි.

අඩු මිලකට ගෙන්වූ ඉන්ධන වැඩි මිල ගණන් යටතේ මිල නියම කර ජනතාවට අලෙවි කිරීමෙන් දරා ඇති වැයබර රුපියල් කෝටි 3000කට ආසන්න වේ.

Related posts

“කංසා වගාවට ආයුර්වේද මණ්ඩලය හරහා තමා මේ ආයෝජකයින් කැඳවීම සිදුවන්නේ” – රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

Admin

“අමරවීර-දුමින්ද ලේකම්ධුරවලින් ඉවත් කරන්න” – ශ්‍රීලනිප 16 කණ්ඩායම ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

ඊයේ ගෑස් කාන්දුවීම් ආශ්‍රිත පිපිරීම් 21ක්.

colombotoday

“ඡන්දයක් ආවොත් ආණ්ඩුවට ඇපත් නෑ.. මල් පොහොට්ටුව උඩින්ම දිනනවා“ ආචාර්ය නිර්මාල්

colombotoday

සහල් ගබඩා කළ ටැංකියක් පුපුරයි.. කාන්තාවක් මරුට

colombotoday

විදුලි පුටුව ශ‍්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දැම්මා

colombotoday