Colombo Today Local News

මම ජනාධිපති වුනාම ගොවියා සතුටට අඩියක් ගහලා ගෙදර එනවා

ගොවි ජනතාව බැංකුවලින් ලබාගෙන ණය ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ යම් ප්‍රමාණයකින් කපා හැරීමකට ලක් කරන බව ජාතික ජන බලවේග නායක මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

මාලිමා ආණ්ඩුවක් යටතේ ගොවිතැනට අවශ්‍ය තෙල් හා පොහොරවල මිල අඩු කරමින් අස්වැන්නට සාධාරණ මිලක් ලබාදීමටත් දැනටමත් සැලසුම් සකස් කර අවසන් බවද ඔහු පැවසීය.

අද වී විකුණා දුකට අඩියක් ගසා ගසා එන ගොවියා ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ කමතේදිම අසවැන්න විකුණා සතුටට අඩියක් ගසා ගෙදර එනු ඇති බවද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරණය ඉලක්ක කරගත් මැතිවරණ රැළියක් අමතමිනි.

Related posts

ග්‍රාම නිලධාරිනියකගේ සැමියා ඝාතනය කිරීමේ සිද්ධියකට යුද හමුදා කෝප්‍රල්වරයෙක් අත්අඩංගුවට

colombotoday

බුරවිගේ බලපෑමෙන් යාපනයේ 1589 ක් පීඩාවට – නිවාස 156 කට හානි.

colombotoday

සහරාන්ගේ කල්ලියේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අගමැති, අගවිනිසුරු හමුවෙලා ! – ජනපති නොසන්සුන් !!

colombotoday

මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරිමට පියවර

colombotoday

කුසලධම්ම හිමියන් ගිලන් වෙද්දී දේපල සොරා ගැනීමට කැස කවන වසලයෝ…

colombotoday