Colombo Today Sports News

ශකිබ්ට නැවත වැඩ වැරදෙයි

බංග්ලාදේශය හා පාකිස්තානය අතර රාවල්පිණ්ඩිහිදී අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පාකිස්තානු දෙවැනි ඉනිමේ පන්දුවට පහරදෙමින් සිටි මොහොමඩ් රිස්වාන් දෙසට පන්දුව දමාගැසීම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩක ශකීබ් අල් හසන්ට දඩ පැනවීමට අයි.සී.සී.ය පියවර ගෙන ඇත.

මෙය තම චර්යාධර්ම සංග්‍රහයේ පළමු මට්ටමේ වරදක් බව පෙන්වාදෙන ICCය, ශකීබ්ගේ තරග ගාස්තුවෙන් 10%ක දඩයක් පනවා ඇත.

පාකිස්තානු දෙවැනි ඉනිමේ 33වැනි පන්දුවාරයේදී මෙය සිදු විය.

එහිදී ශකීබ් පන්දු යැවීම ආරම්භ කරන විටත් රිස්වාන් පන්දුවට පහරදීමට සූදානම් වී නොසිටි අතර, ඊට උරණ වූ ඔහු ක්ෂණිකව තම අතෙහි තිබූ පන්දුව කඩුලු රකිමින් සිටි ලිටන් දාස් වෙතට යොමු කළේය.

එය රිස්වාන්ගේ මුහුණෙහි වැදීමට ආසන්න අවස්ථාවක් විය.

Related posts

පුහුණු උපදේශක මහේල යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වෙයි

Admin

ඇෆ්ගනිස්තානයට කාසියේ වාසිය

Admin

T20 පන්දු යවන්නන්ගේ පළමු තැන වනිඳු ට

Admin

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දෙයි

Admin

ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

colombotoday

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ..

Admin