Uncategorized

පෑලියගොඩ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ

පෑලියගොඩ, නාරම්මිණිය ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ සිටි පුද්ගලයෙකුට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පසුගිය 18 වනදා එම පහරදීම සිදුකර ඇති අතර අදාළ පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින විටදී ඊයේ (19) උදෑසන මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, නාරම්මිණිය පාර, කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මරණකරුට පිරිසක් විසින් පහරදී එම ඝාතනය සිදුකර ඇත බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් 24 හැවිරිදි කොට්ටුකච්චිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අපරාධ සඳහා භාවිතා කළ පිහියක්ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සමාරම්භය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

Admin

සජබ සහකාර ලේකම් ධුරය කාවින්ද ජයවර්ධනට

colombotoday

පුටින්ගේ සහය කමලා හැරිස්ට

Admin

මම නායකයා වුණේ පක්ෂයේ හැම එකාම බෝම්බෙන් ගිය නිසා…

colombotoday

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවයි

colombotoday

සජිත් දිනවා, රණවිරුගාය වැළදුණු ගෝඨා ඇමරිකාවට යවමු – තේනුවර

colombotoday