Colombo Today Local News

සැරයන්ගේ රියදුරු බලපත් පොත ඉරා රියදුරු බලපත්‍රයත් කැඩූ ගුරුවරියක් අත්අඩංගුවට

පිටකොටුව පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකුගේ තාවකාලික රියදුරු බලපත්‍ර පොත උදුරාගෙන පිටු කීපයක් ඉරා දැමූ ගුරුවරියක් අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසනවා.

පිටකොටුව පොලිසි ස්ථානයේ රථ වාහන අංශයට අනුයුක්ත රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයා පිටකොටුව ටයිටස් ගොඩනැගිල්ල ඉදිරිපිට රාජකාරියේ යෙදී සිටියදී තහනම් ප්‍රදේශයක මෝටර් රථයක් නවතා තිබී ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී රියදුරට විරුද්ධව නිත්‍යානුකූලව කටයුතු කිරීමට යාමේදී රියදුරුගේ බිරිඳ වන සැකකාර ගුරුවරිය නිලධාරියා අත තිබූ රියදුරුගේ රියදුරු බලපත්‍රය බලහත්කාරයෙන් ලබාගෙන කඩා ඉවතට විසිකර නිලධාරියට අයත් තාවකාලික රියදුරු බලපත්‍ර පොතේ පිටු කිහිපයක් ඉරා දමා ආවේගශිලීව හැසිරී ඇතැයි පොලිසිය පවසනවා.

ඒ අනුව සැකකාරිය සාපරාදි බලහත්කාරය පෑම රාජකාරියට බාධා කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය පිළියන්දල වෑවල පාර කරදියාන පදිංචි 53 හැවිරිදි කාන්තාවකි.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 20ක ජල කප්පාදුවක්

Admin

ෆොන්සේකාගේ ප්‍රකාශය රටටත්, යුද හමුදාවටත් අපකීර්තියක්.. ඔහු සමාව ගත යුතුයි !

colombotoday

මරදානෙදි දුම්රියක් පීලි පනී – කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

නාඩු,සම්බා,කීරි සම්බා මිල යළි ඉහළට

Admin

“රජයේ සමහර තීරණ ඇමතිවරුන්ටත් හොරෙන්.. අපි අසරණවෙලා“ – ඇමති දයා ගමගේ

colombotoday

මන්ත්‍රීකම විතරක් මදි… ෆොන්සේකා කෝට්ටේ එජාප ආසන සංවිධායකකමත් ඉල්ලයි!

colombotoday