වත්තල මාබෝල කළු ඇල දෙපස ඇවිදින මං තීරුව කඩා දැමීම වැරදි වැඩක් බවත් ඇමති ජෝන් අමරතුංග යහපාලනයට කැළලක් බවත් නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා පවසයි.
ඊයේ පාර්ලිමේන්තුවේ පැවති කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයාද අමරතුංග ඇමතිවරයාට දොස් පැවරූ බවත් ඔහු සදහන් කරයි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඩිෆෙන්ඩර් සිද්ධියේදී ඒ පිළිබදව පක්ෂයෙන් විරෝධය දැක්වූවේ තමන් පමණක් බවත්, ජෝන් ඇමතිවරයා තම ද්‍රිස්ත්‍රික්කයේ නායකවා වුවත් ඔහු කළ වරදට, වැරදි යැයි කීමට තමන්ට කොන්දක් ඇති බවත් රංජන් රාමනායක මහතා පවසයි.