Colombo Today Local News

අනතුර වළකන්න ගිය බසය පෙරළී 27ක් රෝහලේ

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය ආසන්නයේ දි පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් පසු පෞද්ගලික බසය මාර්ගයෙන් ඉවතට පෙරළි සිදු වූ අනතුරින් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලීසිය කියා සිටියා.

පෞද්ගලික බසය ඇඹිලිපිටිය සිට කොළඹ දක්වා ධාවනය කරමින් සිට අති අතර ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථය බස් රථය දෙසට එද්දි ත්‍රිරෝද රථය බසයේ ගැටිම වැලක්විමට බස් රියදුරු උත්සාහ ගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.

එම අවස්ථාවේදී මාර්ගයේ පස් ලිහිල්ව බසය අඩි කිපයක පල්ලමකට මාර්ගයෙන් ඉවතට පෙරලී ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළා.
තුවාලකරුවන් අතර බසයේ මගින්ද ත්‍රිරෝද රථයේ සිව්දෙනෙකු ද සිටි.

කහවත්ත මූලික රෝහලට තුවාලකරුවන් විසි දෙනෙකු ද රත්නපුර ශික්ෂණ රෝහලට හත් දෙනෙකු ද ඇතුළත් කර තිබෙනවා.

Related posts

දුම්රිය ගාස්තු 15%කින් ඉහළට…

colombotoday

ඇප ලැබූ රැඳවියන් සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දෙන්න

colombotoday

ජාතිවාදය අවුස්සන සියල්ලන්ට එරෙහිව නීතිය සමානව කි‍්‍රයාත්මක විය යුතයි

colombotoday

‘නිකරුණේ රඳවාගෙන සිටින කොටි සැකකරුවන් වහාම නිදහස් කළ යුතුයි’ – කාදිනල් තුමා

colombotoday

කුරුණෑගලත් වෙඩි තැබීමක්

Admin

පොලිස් නිලධාරියෙකුට තග දමූ බස් රියදුරු අත්අඩංගුවට

Admin