Colombo Today Local News

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13කට නාය යාමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ හපුතලේ, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර සහ උඩුනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දෙහිඕවිට, ගලිගමුව, වරකාපොළ සහ කෑගල්ල , කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, රත්නපුර සහ බලංගොඩ යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ මෙම නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

අද(13) පස්වරු 3.00 දක්වා බලපැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර සිටී.

Related posts

හොරට කැපූ ගොයම් බෑග් දෙකක් සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට

colombotoday

මේ තත්ත්වය යටතේ කවදාවත් ක්‍රිකට් හදන්න වෙන්නේ නෑ

colombotoday

“මාධ්‍යවේදීන්ට, සමාජ ක්‍රියාකාරීන්ට අඳුරු යුගයක සෙවනැලි මතුවෙනවා”

colombotoday

රංජිත් සොයිසා ශ්‍රීලනිප සංවිධායක ධුරයෙක් ඉවතට

colombotoday

උත්සව සැරසිළි දන්සැල් වියදම් නවතමු, විපතට පත්වූවන්ට සහන දී මේ වෙසගේ පින් පුරමු

colombotoday

වියදම් සහ ණය ගැනීම් නීත්‍යානුකූලදැයි සොයා බලන්න. සමගි ජන බලවේගය විගණකාධිපතිගෙන් ඉල්ලයි

colombotoday