Colombo Today Local News

ග්‍රාම නිලධාරී දීමනා සංශෝධනය කරයි

ග්‍රාම නිලධාරීන් සඳහා ගෙවනු ලබන දීමනා සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ

ඒ අනුව, අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරීන් සඳහා ලබාදෙන කාර්යාල දීමනා හා ලිපිද්‍රව්‍ය දීමනා ඉහළ දමා ඇති බව වාර්තා වෙයි.

ඊට අදාළ චක්‍ර ලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර තිබේ.

ඒ අනුව මහනගර සභා, නගර සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 3,000 දක්වා ඉහළ දමා ඇති අතර ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 2,000 දක්වා ඉහළ දමා ඇත.

වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව ද රුපියල් 3,000 දක්වා ඉහළ දමා ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ ය.

Related posts

කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත විකිණීමේ යහපාලන සැළසුම හෙළිවෙයි !

colombotoday

අවන්හලකට ගිය කොස්තාපල්ට පිරිසක් පහරදීලා

Admin

“2009 ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය තුරන් කළත්, දැන් තත්ත්වය අවදානම්“ – බ්‍රිතාන්‍ය රජය

colombotoday

දෙන්නගේ බල පොරය දින දහයක් රට එකතැන නතර කළා – අනුර කුමාර

colombotoday

TNA ශ්‍රීධරන්ගේ ගල් පැළෙන බොරුවලට ආරක්ෂක ඇමති පිළිතුරු දෙයි

colombotoday

හෙරොයින් කිලෝ 45ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday