Colombo Today Local News

ඕමන්ත ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථ අනතුරක්

වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ කැබ් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ මීට පෙරද එම ස්ථානයේ අනතුරු සිදුවී ඇති බවත් නිසි පරිදි දුම්රිය ගේට්ටු මුරකරුවන් නොමැති වීම හේතුවෙන් මෙම අනතුරු සිදුවන බවත්ය.

අද උදෑසන අනුරාධපුරය සිට යාපනය බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම කැබ් රථය මෙලෙස අනතුරට ලක්ව තිබේ.

ඕමන්ත පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ඉදිරි සතියේ අධිකරණ කටයුතු සීමා කෙරේ

colombotoday

ගෝඨාබය ජනාධිපති අපේක්ෂකයා ලෙස 11 වනදා නම් කළහොත්, ශ්‍රිනිපයෙන් මෛත්‍රී ජනපති සටනට ඒම ස්ථිරයි

colombotoday

ATM යන්ත්‍රයකට බැර කිරීමට තිබූ මුදල් පැහැර ගත් වෑන් රථ රියදුරෙක් අත්අඩංගුවට

colombotoday

උතුරේ මහවිරු සමරු 244න් 234කම කොටි ලාංඡන තිබුණේ නෑ

Admin

සතොස පනවා තිබූ කොන්දේසිය ඉවතට.

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට දෙවන වරටත් වරෙන්තු

colombotoday