Colombo Today Local News

දොඩම්පහල ප්‍රදේශයේ අනතිරකින් 08 හැවිරිදි දරුවෙකු දිවි හැර යයි

ත්‍රීරෝද රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 08 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ දොඩම්පහල උඩදෙනිය ප්‍රදේශයේදී ඊයේ (04) අලුයම ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැනීමෙන් අනතුර සිදුවී ඇත.

අනතුරෙන් ත්‍රීරෝද රථය මාර්ගයේ පෙරළී ගොස් තිබූ අතර එහි රියදුරු, පසුපස අසුනේ ගමන් කළ කාන්තාවක් සහ ඇයගේ පිරිමි දරුවා බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කෙරුණි.

පසුව අවාසනාවන්ත ලෙස දරුවා මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 08 හැවිරිදි දංපතිගම බිබිල ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.

අනතුරෙන් බරපතළ තුවාල ලද කාන්තාව තංගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ත්‍රීරෝද රථයේ රියදුරා ප්‍රතිකාර ගෙන රෝහලෙන් පිටවගොස් පොලීසියට භාරවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බව දික්වැල්ල පොලීසිය කියයි.

මේ අතර ඊයේ දහවල් ආණමඩුව නවගත්තේගම මාර්ගයේදී ද රිය අනතුරක් සිදුවී තිබුණි.

උස්වැව ප්‍රදේශයේදී පදික මාරුව මතින් ගමන් කරමින් සිටි 13 හැවිරිදි දැරියක් ලොරි රථයක ගැටී ඇති අතර අනතුරෙන් ඇය ජීවිතක්ෂයට පත්වී ඇත.

Related posts

ජනපති පාර්ලිමේන්තු සැසිය අවසන් කල හේතුව අනුර කියයි

colombotoday

නරේන්ද්‍ර මෝදි ලංකාවට

colombotoday

කොටි නිලඇදුම්, කොඩියක්, බෝම්බ තොගයක් රැගෙන යමින් සිටි පිරිසක් මුලතිව්හිදී අත්අඩංගුවට

colombotoday

කාටවත් වෙඩි තියන්න යන්න එපා. මම යන්න ලෑස්ති වෙන්නම් – ජනපති ගෝඨාභය බේරා ගත් හමුදා මෙහෙයුම

colombotoday

අද විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

මම 10 පාරක් නීති විභාගය ෆේල්. – අසමත්වීම් රැසක් මධ්‍යයේ උත්සාහයෙන් ජීවිතයෙන් සමත් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ

colombotoday