Colombo Today Local News

නව පත්වීම් රැසකට අනුමැතිය

පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙන්නේ නව තානාපතිවරුන් සිව්දෙනෙක්, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් සහ ආයතන සභාපතිවරුන් දෙදෙනෙක් පත් කිරීම සඳහා බව වාර්ථා වේ.

ඒ අනුව වියට්නාමයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඩබ්.ඒ.යූ.පී. පෙරේරා මහතා, පෝලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ටී.පී. ධර්මසේන මහත්මිය, තායිලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ඊ.ඒ.එස්.ඩබ්. එදිරිසිංහ මහත්මිය සහ මියන්මාරයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පී.ඒ.පී. පොන්නම්පෙරුම මහත්මිය පත්කිරීමට මෙලෙස අනුමතිය හිමිවී ඇත.

එමෙන්ම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස (ඉංජිනේරු) ආර්.ජී. රූබසිංහ මහතා පත් කිරීමට සහ ධීවර අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස කේ.එන්.කේ. සෝමරත්න මෙනෙවිය පත් කිරීමටද අනුමැතිය ලබාදී තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එස්.එම්.ඩී.එල්.කේ ද අල්විස් මහතා පත් කිරීමට සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පත් කිරීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී ඇත.

Related posts

සුරියවැවදී හෙරොයින් ජාවාරම් කරුවෝ 10ක් අල්ලති

colombotoday

බැදුම්කර හුටපටය සහ ‘අනීකා‘ රටින් පැන්නූ නෙත්තිකුමාරගේ පැටිකිරිය !

colombotoday

අංගසම්පූර්ණ නව රෝහලක් ඉදිකිරීමට දඹුලු විහාරයෙන් ඉඩමක්

colombotoday

රංජන්ගේ නිල නිවාසත් අහිමි වන ලකුණු

colombotoday

ප්‍රවාහන අමාත්‍යාංශයේ මහා වංචාවක් ? ටෙන්ඩර් නැතිවම දුම්රිය මැදිරි 160ක් ගන්න යයි

colombotoday

මහර ගැටුම – මියගිය රැදවියන් 06කගේ සිරුරු හඳුනාගනී

colombotoday