Colombo Today Local News

පයාගල පොලීසිය තුලදී සැකකරුවෙකු තුවාල ලබා රෝහල්ගත කරයි

අද (03) කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ පයාගල පොලීසියේ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු හිසට සිදුවූ තුවාල සහිතව රෝහල්ගත කර ඇති බව යි.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ පයාගල, ඈතගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

රෝහල්ගත කර ඇති පුද්ගලයා විවෘත වරෙන්තුවක් මත අත්අඩංගුවට ගෙන පයාගල පොලීසියේ සිරමැදිරියේ රඳවා සිට ඇති බව වාර්තා විය.

වැඩිදුරටත් වාර්ථා වූයේ සිරමැදිරියේ රඳවා සිටි සැකකරු කිසියම් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද දහවල් සිරමැදිරිය තුළ ඇද වැටී හිසට තුවාල සිදුවී ඇති බවයි.

සැකකරු කළුතර ශික්ෂණ රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Related posts

පැනමා රහස් ලේඛණවලින් ලංකාවේ මෙගා ඩීල් එළියට !

colombotoday

නීති විරෝධීව කුවේටයේ සිටි ලාංකික ගෘහ සේවිකාවන් 26ක් පිටුවහල් කරයි

Admin

ඉස්ලාම් හදවත සමීපයටම ප්‍රහාරයක්.. සෞදියේ මදීනා මහ පල්ලිය අසලදී ත්‍රස්තයෙක් මරාගෙන මැරෙයි

colombotoday

සජිත්ගේ ප්‍රශ්නයට බාධා කළ සනත් නිශාන්ත ඇතුළු පිරිස ගැන පරීක්ෂණයක්

Admin

TNA සුමන්තිරන් සමග එයි.. යාපන සරසවි සිසු සංගම් සභාපති උසාවියට භාර වෙයි.. ක්ෂණික ඇප ලැබෙයි !

colombotoday

නොබැදි විදේශ ප්‍රතිපත්තිය වෙනුවට අද ඇත්තේ ‘කරුදු පොලු‘ විදේශ ප්‍රතිපත්තියක්

colombotoday