Colombo Today Local News

පේරලන්දේ ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් දරුණු අනතුරක්

රාගම පේරලන්ද පල්ලිය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ සහායක ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ.

එසේම පොලීසිය පැවසූවේ දුම්රිය එන්ජින් රියදුරුද මෙම අනතුර හේතුවෙන් සුළු තුවාල ලබා ඇති බව.

ඒ ආසන්නයේ තිබූ එළවළු වෙළෙඳසැලකට අනතුරින් බරපතළ හානි සිදුව ඇති අතර එම අවස්ථාවේ එහි හිමිකරු එය වසාදමා පිටව ගොස් තිබීමෙන් විශාල අනතුරක් වැළකී තිබුණි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළොන්නාව සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියකි.

අනතුරින් දුම්රිය එන්ජිමට හානි සිදුව ඇති අතර ලොරි රථයට බරපතළ හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

රාගම පොලීසිය අනතුර සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

හිටපු ධීවර නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට !

colombotoday

කාලකණ්නි කලාකාරයේ පිටරට ගිහින් කුඩුු ගහල ජාතිය වනසනව – සදුන් විජේසිරි

colombotoday

කුවේටයේදී අතුරුදන්වූ ගෘහ සේවිකාවගේ සිරුර වසරකට පසු අධි ශිතකරණයක තිබී සොයාගනී

colombotoday

කොවිඩ් නිසා මූල්‍ය ශක්තිය පිරිහුණු රටවල් අතරට ශ්‍රී ලංකාවත්

colombotoday

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට ණය ඇපකර ලබාදීම වසර අවසානයේ…

Admin

ඕස්ට්‍රියා රජය බුර්ඛාව තහනම් කරයි..

colombotoday