Colombo Today Local News

නව ඛනිජ තෙල් මිල සංශෝධනය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 440කි.

එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 386කි.

භූමිතෙල් මිල ලීටරයක රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 245කි.

කෙසේ වෙතත් 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් වල සහ ඔටෝ ඩීසල් වල මිලෙහි වෙනස් සිදු වී නොමැත.

එම මිල ගණන් සංශෝධනය අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කරනු ඇත.

එමෙන්ම සයිනොපෙක් ඉන්ධන මිල ගණන්ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සංශෝධනය කර ඇත

Related posts

ජීවිත දෙකක් බිළිගත් මට්ටක්කුලියේ බිහිසුණු අනතුර

colombotoday

විමල් වීරවංශට නොතීසි

Admin

සාම්පූර්වලින් තවත් අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10ක් අල්ලයි.. දෙමළ, මුස්ලිම් 7ක් දැලේ !

colombotoday

සා/පෙළ විභාගය අදින් අවසන්..

Admin

“ව්‍යවස්ථාව ෆෙඩරල් කළොත් මා දේශපාලනයෙන් යනවා.. සත්තයි“ අජිත් පී පෙරේරා

colombotoday

අත්අඩංගුවට ගන්න හොයද්දී ලෙඩ වූ රාජිත සුව වී ගෙදර යයි…

colombotoday