Colombo Today Local News

ඉහල වත්කම් ඇති පුද්ගලයින් පිලිබද ආදායම් දෙපාර්තමේන්තුවේ අවධානය

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පවසන්නේ ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි යි.

නිවේදනයක් නිකුත් කරමින් ඇය පැවසුවේ, එම සුපිරි ධනවතුන් 100 දෙනාගේ ආදායම්,වත්කම් හා වාර්තා ගොනු කිරි‍මේ ඉතිහාසය ගැඹුරින් සමාලෝචනය කරන බවයි.

ඒ සඳහා ඉහළ ධනවත් පුද්ගල අංශය නමින් විශේෂ කාණ්ඩයක්ද සකස් කර ඇති අතර එහි විමර්ශන කටයුතු සඳහා විශේෂඥයින් 10 කුගෙන් යුත් කණ්ඩායමක් ද අනියුක්ත කර තිබේ.

නිවේදනයේ දැක්වෙන්නේ, ඔවුන් සම්බන්ධයෙන් ඉතා සමීපව අධ්‍යයනය කරන බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මේ යටතේ ඉහළ වත්කම් ඇති පුද්ගලයින්ගේ වාර්තා යාවත්කාලීන කිරීම ‍මෙන්ම දෝෂ හා අඩුපාඩු හඳුනාගැනීමටද සැලසුම් කර ඇති බවයි.

Related posts

ගාලු කොටුවේ ගොඩනැගිලි සියයකට අධික ප්‍රමාණයක් විදේශිකයෝ මිලට ගනිති

colombotoday

කුඩු පානයට ඇබ්බැහි වූ ගැබිණියක එරමුදුගොල්ලේදී අත්අඩංගුවට

colombotoday

20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීම අත්හිටුවන්නැයි GMOA ඉල්ලයි

colombotoday

රනිල්-TNA ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය සේවයත් අවුලෙන් අවුලට…

colombotoday

ඥානසාර හිමි අත්අඩංගුවට නොගත්තොත් පාර්ලිමේන්තුව තුල ස්වාධීන වෙනවා – මුස්ලිම් ඇමතිවරු

colombotoday

බස් වර්ජනයක්?

Admin