World

මෙක්සිකෝවේ උද්ඝෝෂකයින්ගෙන් ජනපති මැදුරට හානි

මෙක්සිකෝවේ උද්ඝෝෂකයින් පිරිසක් එරට ජනපති මැදුරේ ප්‍රධාන දොර, කැබ් රථයක් හප්පවා පෙරළා දමා තිබේ.

2014 වසරේදී සිසුන් 43ක් අතුරුදන් කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් එම පිරිස උද්ඝෝෂණය කර තිබුණි.

සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ සුදු පාට කැබ් රථයක් ජනපති මැදුරේ ප්‍රධාන දොරටුවේ හප්පන බවය.

එම අවස්ථාවේ ජනාධිපති Andres Manuel Lopez Obrador එම පරිශ්‍රය තුළ දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊයේ (06) උදෑසන එම සිද්ධිය සිදුවී තිබුණි.

උද්ඝෝෂකයින් පාලනය සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකළ බවත් ජනපති මැදුර තුළට උද්ඝෝෂකයින් පැමිණීම වැළැක්වීමට ආරක්ෂක බාධක ස්ථාපනය කළ බවත් වාර්තා වෙයි.

මෙම විරෝධතාවය සඳහා 100ක පමණ පිරිසක් එක්වී ඇති අතර ජනපති මැදුරට හානිකළ පිරිස අත්අඩංගුවට ගත් බවත් සඳහන් වේ.

Related posts

අපරාධකරුවන් මර්දනයට රෝබෝවරු යොදාගන්න යෝජනාවක්

Admin

ආසියාවේ මත්ද්‍රව්‍ය රජා ට්සේ චී ලොප් නෙදර්ලන්තයේදී අල්ලයි

colombotoday

මන්කිපොක්ස් අවදානමකක් | ආශ්‍රිතයන් 200කට අධික පිරිසක් සොයා ගනී

colombotoday

මියන්මාරයෙන් මුස්ලිම් භක්තිකයන් අතුගා දැමීමට සැරසේ

colombotoday

පැරිසියේ දැවැන්ත පිපිරීමක්…

colombotoday

2022 නොබෙල් සාම ත්‍යාගය මානව හිමිකම් ක්‍රියාධරයෙක්ට

colombotoday